ශරීරයේ ප්‍රතිශක්තිකරණය අඩු කිරීම වෛරස් කෙරෙහි බලපාන්නේ කොහොමද?

මම මේ ලිපිය ලියන්නේ පසුගිය සතිය තුල මා මුහුණ දුන් අත්දැකීමක් ඔබ සමග බෙදා ගැනීමටයි.

පසුගිය දෙසැම්බර් 5 වනදා මාගේ මාසික සායන දිනය යෙදී තිබූ අතර එදිනට සායනයට සහභාගී වීම සදහා ලබාගත් පරීක්ෂණ වාර්ථා වල මාගේ ක්‍රියටිනින් අගය 1.5ක් දක්වා වැඩිවී තිබිණි. (මින් පෙර මාගේ ක්‍රියටිනින් අගය පැවතියේ 1.3ක පමණ අගයකය)

මාගේ රුධිර පීඩනය සාමාන්‍ය තත්වයක පැවැති අතර ටැක්රොලිමස් අගයද පසුගිය මාස 3ක කාලය ඇතුලත පරික්ෂා කර ඖෂධ මාත්‍රාවන් වෙනස් කල නිසා වෛද්‍යවරුන් පවසා සිටියේ නැවතත් එම පරීක්ෂණය සිදුකිරීමෙන් බලපෑමක් ඇති නොවන බවයි. එම නිසා එහිදී වෛද්‍ය උපදෙස වූයේ දිනකට බොන ජල ප්‍රමාණය 500ml වලින් පමණ වැඩි කරන ලෙසට හා CMV viral load, BK virus urine and blood වැනි පරීක්ෂණ කිහිපයක් සිදුකරන ලෙසටයි. එම පරීක්ෂණ වලින් පවා නිවැරදි හේතුවක් සොයාගත හැකිවූයේ නැතිනම් බයොප්සි පරික්ෂාවක් සිදුකිරීම  සදහා යොමු වීමට සිදුවන බව වෛද්‍යවරුන් මා වෙත දන්වා සිටි අතර එය ඇසීමෙන් මා මදක් තැති ගත්තා.

වෛද්‍යවරුන් පැවසූ පරිදි මම දිනකට ලීටර් 4 -5ත් අතර ප්‍රමාණයක් ජලය පානය කල අතර සතියකින් නැවතත් ක්‍රියටිනින් අගය පරික්ෂා කල විට ක්‍රියාටිනින් අගය 1.37ක් දක්වා අඩුවී තිබීම මට මහත් සැනසිල්ලක් වුණා. ඒ අතරම මම පෙර කී පරීක්ෂණ සිදුකිරීම සදහා සාම්පල ලබාදී තිබූ අතර එම වාර්තාවල සදහන් වූයේ BK virus (urine) හි වෛරස් අැති බවයි.(BK virus urine – Detected)

පසුව මෙම වාර්තාව මම මාගේ වෛද්‍යවරුන්ට පෙන්වූ අතර ඔවුන් සදහන් කර සිටියේ එසේ වන්නේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය අඩුවී අැති බැවින් ශරීරයේ ඇති වෛරස් ප්‍රමාණයන් ශරීරයට බලපෑම් කල හැකි මට්ටමට පත්වීම හේතුවෙන් බවයි. එම නිස වෛද්‍යවරුන් මා වෙත දන්වා සිටියේ cellcept මාත්‍රාව අඩු කරන ලෙසටයි. මම ඊට පෙර උදේ සහ රාත්‍රීයේදී 500mg බැගින් ලබාගත් අතර එය උදේ 500mg හා රාත්‍රීයේදී 250mg ලෙස අඩුකෙරිණි.

ඒ අතරම නැවතත් හොදින් ජලය පානය කර නැවතත් ලබන සතියේදී ක්‍රියටිනින් වාර්ථාවක් ලබාගන්නා ලෙස වෛද්‍යවරුන් මා වෙත දන්වා ඇත.

මෙහිදී මින් පෙර අප බොහෝ දෙනෙකුගේ අවදානය යොමුවී නොතිබුනු වෛරස් මගින් ක්‍රියටිනින් අගය කෙරෙහි අැතිකල හැකි බලපෑම් පිළිබදව මේ අවස්ථාවේදී අත්දැකීමක් ලබාගැනීමට මට හැකි විය. මෙම පරීක්ෂණ හා වෛරස් පිළිබදව ඉදිරියේදී තවත් ලිපි ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙමි.

 

About freddy

Check Also

වකුගඩු ජාවාරම් කථා අස්සේ අමතකව ගිය වකුගඩු රෝගින්ගේ ඇත්ත කථාව ..

බොරැල්ල ප්‍රදේශයේ රෝහලක සිදුකෙරෙන වකුගඩු ජාවාරමක් ගැන මේ දිනවල ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වල මෙන්ම විවිධ …