මින් පෙර අවස්ථාවකද රජයේ රෝහල් වල ඖෂධ හිගයක් ඇති බවට අපි විසින් ලිපියක් පල කරන්නට යෙදුනු අතර මේ වන විටත් එම ප්රශ්ණය විසදී නොමැත.
පසුගිය කාලයේදී අැතැම් ඖෂධ පමණක් හෝ මාසයක කාලයක් සදහා ලබාදීමට ප්රමාණවත් තොග තිබුණත් මේ වන විට මාසයක් කාලයකට ලබාදීමට හෝ ඖෂධ තොග රෝහල් සතුව නොමැති බව දැනගන්නට ඇත. විශේෂයෙන්ම වකුගඩු රෝගීන් සදහා ලබදෙන සෙල්සෙප්ට් ඖෂධයේ 250mg පමණක් පසුගිය කාලයේදී හිගව තිබූ නමුත් මේ වන විට එම ඖෂධයේ 500mg හිග තත්වවයට පත්ව ඇත. ඒ හේතුවෙන් මෙම ඖෂධය පුද්ගලික ඔසුසැල් වලින් මිලදී ගැනීමට විශාල මුදලත් දැරීමට රෝගීන්ට සිදුව ඇත.
දැන් මාස කිහිපයක කාලයක් තිස්සේ මේ හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව සිටින රෝගීන්ට හැකි ඉක්මණින් සහනයක් සලසන ලෙස අප අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.