ඊ හෙල්ත් කාඩ්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම ඇරඹෙයි

ශ්‍රීලාංකීය ජනතාවට ඊ-හෙල්ත් කාඩ්පත හදුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර මහ රෝහලේ පසුගියදා ආරම්භ විය.

විදේශීය ආයෝජනයක් යටතේ හදුන්වාදෙන මෙම ඊහෙල්ත් කඩ්පත් මුල් අදියරයේදී රෝහල් 200කින් පමණ නිකුත් කිරීමට නියමිතය. ඒ අතරම මේ වසර අවසන් වන විට රෝහල් 300ක පමණ සියළුම දත්තයන් පරිඝණක ගතකර අවසන් කිරීමද සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අපේක්ෂාව වී ඇත.

ඊ-හෙල්ත් කාඩ්පත හදුන්වාදීමෙන් පසු මාස 06 ක් තුල මිලියන 21 ක් වූ සියළු ශ්‍රී ලාංකීය  ජනතාවටම ඊ-හෙල්ත් කාඩිපත ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා එම අවස්ථාවේදී සදහන් කලේය.

මෙම ඊ හෙල්ත් කාඩ්පත තුල කිසියම් රෝගියෙකුගේ සියලුම වෛද්‍ය වාර්තා, දත්ත ගබඩා කර ඇති අතර යම් හදිසි අවස්ථාවක රෝගියා සිහිසුන්ව රෝහල වෙත පැමිණිය ද ඊ-හෙල්ත් කාඩ්පත භාවිත කරමින් ප්‍රතිකාර කිරීම ආරම්භ කිරීමට හැකියාවක් ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. මෙම සේවාව රජයේ රෝහල් වලදී පමණක් නොව පෞද්ගලික සායන සහ පෞද්ගලික රෝහල් වල ප්‍රතිකාර සේවා ලබාගැනීමට රෝගියාට හැකියාව ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

 

About freddy

Check Also

සාර්ථකව බද්ධ කල තවත් සූකර වකුගඩුවත් හොදින් ක්‍රියාත්මකයි..

බොස්ටන් හි පිහිටි Massachusetts General Hospital (MGH) රෝහලේදී සාර්ථකව සූකර වකුගඩුවක් බද්ධ කිරීමෙන් වසරකට පමණ …