තිලක් අබේසේකර වකුගඩු රෝග සහන සත්කාර හා සුභසාධක මධ්‍යස්ථානය විවෘත කෙරේ

වෛද්‍ය තිලක් අබේසේකර වකුගඩු රෝග සහන සත්කාර හා සුභසාධක මධ්‍යස්ථානය ඊයේ (25) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් මහනුවරදී විවෘත විය. මහල් 6කින් සමන්විත මෙම මධ්‍යස්ථානය මහනුවර මහ රෝහලට අනුබද්ධිත මධ්‍යස්ථානයක් වන අතර වකුගඩු රෝගීන්ට මෙන්ම රෝගීන්ගේ පවුල්වල සාමාජිකයන්ටද අවශ්‍ය කරන සහන හා සුභසාදන කටයුතු මෙම මධ්‍යස්ථානය මගින් සිදුකෙරේ.

මේ සදහා දරා ඇති පිරිවැය රුපියල් 628කි. එම මුදල ජාතික වකුගඩු අරමුදල මගින් සපයා තිබීමද විශේෂත්වයකි.

මෙම මධ්‍යස්ථානය සතුව සියළුම පහසුකම් වලින් සමන්විත රුධිර කාන්දුකරණ ඒකකයක් ( Dialysis Unit)රෝගීන්ට අවශ්‍ය නේවාසික වෛද්‍ය පහසුකම්,රෝගීන්ගේ රෝගී තත්වයට ගැලපෙන ආහාර සැපයුමක් වැනි පහසුකම් රැසකින් සමන්විතය.

සියළු පහසුකම් වලින් සමන්විත රුධිර කාන්දුකරන ඒකකයක්ද එම මධ්‍යස්ථානය සතුය.

About freddy

Check Also

කුරුණෑගල රෝහලේ  වකුගඩු ලේසර් ප‍්‍රතිකාරය නවතී

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම දැන් සති කිහිපයක සිට දින නියමයක් නොමැතිව …