ජාඇලට නව ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක්


ජා-ඇල ඒකල නිවාසිපුර නිවාස සංකීර්ණය අසළ ඉදිකිරීමට යෝජිත ඖෂධ හා ආලේපන කර්මාන්ත ශාලාව සඳහා මුල්ගල් තැබීම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පසුගියදා සිදුවිය. මෙම ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව මෙරට තුල ඉදිකෙරෙන 8වන කර්මාන්ත ශාලාවද වෙයි.

මෙම කර්මාන්ත ශාලාවේ ආයෝජන මුදල රුපියල් බිලියන 1.4ක් වන අතරමෙරට පුද්ගලික සමාගමක් වන “මෙල්වා ෆාමා” සමාගම මෙය ආරම්භ කර ඇත. මෙමගින් නව රැකියා 300ක් පමණද උත්පාදනය වීමට නියමිතය.

මේ වන විට ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරිම සදහා ආයෝජකයින් 46 දෙනෙකු සමග රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව ගිවිසුම් අත්සන් කර ඇත.

ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඖෂධ ආනයනය කිරිම සදහා රුපියල් බිලියන 45 ක මුදලක් වැය කරන අතර 2020 වන විට මෙරටට අවශ්‍ය ඖෂධ ප්‍රමාණයෙන් 85%ක් පමණ මෙරට තුලම නිෂ්පාදනය කිරීමට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව බලාපොරොත්තු වෙයි.

About freddy

Check Also

කුරුණෑගල රෝහලේ  වකුගඩු ලේසර් ප‍්‍රතිකාරය නවතී

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම දැන් සති කිහිපයක සිට දින නියමයක් නොමැතිව …