ජයවර්ධනපුර රෝහලේ සායන සදහා පැමීණෙන රෝගින්ට නොමිලේ ලබාදෙන ඖෂධ ලබාදෙන කාර්යමණඩලයේ ක්‍රියාකාරීත්වය ඉතාමත් මන්දගාමී බව රෝගීන් චෝදනා කරයි.
අද (24) මේ මොහොතේදී දහවල් 1පසුවී ඇතත් වකුගඩු රෝගී සායන සදහා පැමිණි රෝගීන්ගෙන් ඖෂධලබාදී ඇත්තේ රෝගීන් 80 දෙනෙකුට පමණය.
තවත් රොගීන් 50කට අධික පිරිසක් සිය අංකය පැමිණෙන තුරු රැදී සිටීති..
තත්වය එසේ තිබියදී ඖෂධ නිකුත් කරන ඖෂධවෙදීන් ඖෂධ නිකුත් කිරීම පැය භාගයකට නවතා සිය දිවා ආහාරය සදහා පිටව ගොස් ඇත.
මෙහි රැදී සිටින රෝගීන්ගෙන් බොහෝ දෙනෙකු සිය උදැසන ආහාරයවත් නොගෙන තමන්ගේ අංකය කථාකරන තුරු රැදී සීටින වකුගඩු රෝගින් වෙති.
එමෙන්ම මෙහි ඇති තවත් ගැටළුවක් වන්නේ ඖෂධ ලබාගැනීම සදහා පැමිණෙන රෝගීන්ට අවශ්‍ය ප්‍රමාණවත් පරිදි නොතිබීමයි.මාසයක කාලයක් සදහා ඖෂධ ලබාගැනීමට පැමිණෙන රෝගීන්ට ඇතැම් ඖෂධ ලබාදෙන්නේ සතියක පමණ කාලයක් සදහා පමණි.එම රෝගීන් නැවතත් සතියකින් රෝහල වෙත පැමිණ පෝලිම්වල සිට මේ කට්ටම කමින් ඖෂධ ලබාගත යුතුය. පිටින් ගන්නේ නම් අධික වියදමක් දැරීමට රෝගීන්ට සිදුවේ.
අද ඊයේ දිට නොව දැන් මාස ගණනක සිට රෝහලේ ඖෂධ ලබාදීමේ ක්‍රියාවලිය සිදුවන්නේ මෙසේය.
මේ සදහා හැකි ඉක්මණින් විසදුමක් ලබාදී,ඖෂධ ලබාදෙන කාර්මේයමණ්ඩලය වැඩිකොට ,කාර්යක්ෂම නිලධාරීන්ට රාජකාරී පවරා මෙම ගැටළුව විසදා දෙන ලෙස රජයෙන් හා රොහල් පාලනඅධිකාරියෙන් රෝගීන් ඉල්ලා සිටිිති.මේ සම්බන්ධයෙන් අප කල විමසිමකදි රෝහල් අධ්‍යක්ෂක කාර්යාලයේ උසස් නිළධාරියෙකු කියා සිටියේ මේ ගැන දැනටමත් පැමිණිලි රෝගින්ගෙන් ලැබි ඇති බවත් අදාල පියවරයන් ගන්නා බවත්ය.