අවයව බද්ධ කිරීමේ ඉතිහාසය 1668 සිට 2011 දක්වා

අවයව බද්ධ කිරීමේ ඉතිහාසය ගැන වෙනම ලිපියක් ලියන අතරේ මට හිතුනා අවයව බද්ධ කිරීමේ විකාශය සිදු වෙලා තියෙන්නේ කොහොමද කියල හොයල බලන්න. අන්තර්ජාලයෙන් මට ලැබුණ තොරතුරු වලට අනුව මේ විදියට තමයි අවයව හා පටක බද්ධකිරීමේ ඉතිහාසය.

1668 වාර්ථා පොත් වල සටහන්ව ඇති පළමු සාර්ථාක බද්ධ කිරීම. මෙහිදී සිදුව ඇත්තේ අස්ථි බද්ධ කිරීමක් වන අතර සුනඛයෙකුගේ හිස් කබලේ අස්ථි කොටසක් මිනිසෙකුගේ හිසේ පිටුපස අස්ථි කොටසකට බද්ධ කර ඇත.
1674 අස්ථි පද්ධතිය සම්බන්දයෙන් ප්‍රථම විස්තරාත්මක පැහැදිලි කිරීම ඉදිරිපත් කර ඇත. ඔහු නමින් Antoni van Leeuwenhock .
1822 ප්‍රථම සම් බද්ධ කිරීම සිදුව ඇත්තේ මෙම වසරේ වන අතර එහිදී පුද්ගලයෙකුගේ සමෙන් ලබාගත් කොටසක් ඔහුගේම සිරුරේ වෙනත් ස්ථානයකට බද්ධ කර ඇත. මෙම අවස්ථාව වෛද්‍ය විද්‍යාවේදී autograft ලෙස හදුන්වනු ලැබේ.

 

1867 ප්‍රංශ ජාතිකයෙකු වන  L. Ollier විසින් එක් පුද්ගලයෙකුගේ අස්ථියක් එම පුද්ගලයාගේම සිරුරේ තවත් කොටසකට බද්ධ කිරීම හෙවත් bone autografts සිදුකල හැකි බවට නිබන්ධනයක් ඉදරිපත් කර ඇත.
1868 ස්විස් ජාතික ශල්‍ය වෛද්‍යවරයෙකු වන Jacques Louis Reverdin විසින් එක් පුද්ගලයෙකුගේ සමේ කොටසක් වෙනත් පුද්ලයෙකුගේ සමට බද්ධ කිරීම සිදුකර ඇත.මෙවැනි බද්ධ කිරීම් allograft ලෙස හදුන්වනු ලැබේ.
1880 ස්වීඩන් ජාතික වෛද්‍යවරුයකු විසින් පළමු අස්ථි බද්ධ කිරීම සිදුකර ඇත. මෙහිදී autograft වර්ගයේ  අස්ථි බද්ධ කිරීමක් සිදුකර ඇත.එනම් ඒ පුද්ගලයාගේම අස්ථිකොටසක් ඔහුටම බද්ධ කිරීමයි.
1906 ප්‍රථම ඇස් කාච බද්ධ කිරීම සිදුකර ඇත.
1908 මියගිය පුද්ගලයෙකුගෙන් ලබාගත් දණහිස් සන්ධියක් සාර්ථකව බද්ධ කිරීමේ ප්‍රථම ශල්‍යකර්මය සිදුකර ඇත. (cadaveric knee joint transplant)
1911 බිදී ගිය ධමනි කොටසක් පිලිසකර කිරීම සදහා ශිරාවක කොටසක් බද්ධ කිරීම සිදුකර ඇත.
1915 F.H. Albee විසින් අස්ථි බද්ධ කිරීමපිළ බිදව සවිස්තරාත්ම ලිපි ඉදිරිපත් කර ඇත. මෙම ලිපි අස්ථි බද්ධ කිරීමේ සැත්කම් සදහා විශාල බලපෑමක් සිදුකර ඇත.
1949 ඇමරිකානු නාවික හමුදාව විසින් ලොව පළමු පටක බැංකුව ආරම්භ කර ඇත.
1954 පළමු වකුගඩු බද්ධ කිරීම සිදුකර ඇත. මෙහිදී සහෝදරයන් අතර වකුගඩු බද්ධ කිරීම සිදුකර ඇත.
1955 පුද්ගලයෙකුගේ හදවතින් ලබාගත් පටක කොටසක් වෙනත් පුද්ගලයෙකුගේ සංස්ථානික මහා ධමනියේ කොටසකට බද්ධ කිරීම
1956 ශිරාවකින් ලබාගත් තොටසක් කළව ප්‍රදේශයේ bypass සැත්කමක් සදහා භාවිතා කිරීම
1962 පළමු හදවත් කපාට බද්ධය
1963 පළමු අක්මා බද්ධය
1964 පළමු පෙනහළු බද්ධය
1967 පළමු හදවත් බද්ධය
1968 අවයව බද්ධ කිරීම සදහා වන පළමු ව්‍යවස්ථාමය යෝජනාව ඉදිරිපත් කිරීම
1968 මොළය මිය යාම සම්බන්දයෙන් වන ප්‍රථම අර්ථ දැක්වීම ඉදිරිපත් වීම. (ස්නායු මත පදනම්ව මෙම අර්ථ දැක්වීම සිදුකර ඇත.)
1969 පළමු අග්න්‍යාශ බද්ධය
1970s ශීත කල හදවත් කපාට මුලින්ම භාවිතා කිරීම ( cryopreserved (frozen) heart valves) –  මෙසේ අවයව හෝ පටක ශීත කිරීඹ සදහා ද්‍රව නයිට්‍රජන් භාවිතා කරනු ලැබේ.
1972 ශීත කල මිනිස් සමේ පටක වෙනත් රෝගීන්ට බද්ධ කිරීම ඇරඹීම
1973 ශීත කල ශීරා පටකයන් භාවිතා කිරීම
1976 පටක බැංකු පිළිබඳ ඇමරිකානු සංගමය ආරම්භ වීම
1978 ප්‍රධාන ප්‍රතිශක්තිය හීන කරන ඖෂධයක් වක සයික්ලොස්පෝරින් හදුන්වා දීම ( Cyclosporin)
1989 ඇමරිකාව තුල පමණක් පටන බද්ධ කිරීම්  200,000ක් සිදුකිරීම
1996 ඇමරිකාව තුල පමණක් පටන බද්ධ කිරීම් 500,000 සිදුකිරීම
2000 වන විට  ඇමරිකාව තුල පමණක් අවයව බද්ධ කිරීම සදහා රෝගීන් 112,000ක් ලැයිස්තු ගතවී සිටි අතර මිලියනයක පමණ රෝගීන් පිරිසක් පටක බද්ධ කිරීම සදහා ලැයිස්තු ගතව සිය ඇත.
2005 සාර්ථක ලෙස මුහුණේ කොටසක් බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සිදුකිරීම. මෙම ශල්‍යකර්මය සිදුකර ඇත්තේ ප්‍රංශයේදීය.
2006 ප්‍රථම හකු බද්ධ කිරීම සිදු කර ඇත. මෙම ශල්‍යකර්මයේදී හකු අස්ථිය වෙනත් දායක පුද්ගලයෙකුගෙන් ලබාගෙන ඇති අතර ඇටමිදුළු පටකය රෝගියාගෙන්ම ලබාගෙන ඇත.
2008 අත් දෙකක් සාර්ථකව බද්ධ කල ප්‍රථම ශල්‍යකර්මය ජර්මනියේදී සිදුකර ඇත.
2008 බද්ධ කරන ලද ඩිම්බයක් මගින් සිදුවූ ප්‍රථම දරු උපත වාර්ථා විය.
2008 රෝගියාගේම සෛල යොදාගනිමින් ස්වාසනාල බද්ධයක් සිදුකිරීම. ස්පාඤ්ඤයේදි මෙම ශල්‍යකර්මය සිදුකර ඇත.
2008 මුහුණේ කොටස් වලින් 80%ක පමණ ප්‍රමාණයක් සාර්ථකව බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදුකිරීම
2010 සම්පූරණ මුහුණක් බද්ධ කිරිමේ පළමු සාර්ථක ශල්‍යකර්මය ,මෙයද සිදුකර ඇත්තේ ස්පාඤ්ඤයේදිය.
2011 ප්‍රථම සාර්ථක කකුල් බද්ධ කිරීම. මෙහිදී කකුල් දෙකම බද්ධ කිරීම සිදුකර ඇත

About freddy

Check Also

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත …