එනමලය නැවත වර්ධනය කිරීම සම්බන්යෙන් දශක ගණනාවක සිට විද්‍යාඥයෝ නිරත වූ පර්යේෂණ සාර්ථක කරමින් දත් පිරවීම්වලට විසඳුමක් ලෙස එනමලය ස්වභාවිකව වර්ධනය කිරීමට උපකාරී වන නව ද්‍රව්‍යයක් නිපදවීමට චීන විද්‍යාඥයින් පිරිසක් සමත් වී ඇත.
දන්ත එනමලට මිනිස් ශරීරයේ ශක්තිමත්ම ස්ථානයක් වශයනේ සැලකෙන අතර එය පළුදු වූ පසු නැවත යථා තත්ත්වයට පත්වීමක් සිදුනොවීමෙන් දත් කුහර ඇතිවීම දැකිය හැකිය.මෙම නව ක්‍රමය හරහා කැල්සියම් පොස්පේට් බිදිති කිහිපයක් දන්ත එනමලය වශයෙන් වර්ධනය වීම සිදුවන අතර අලුතින් සකස් වන එනෙමලය ද සාමාන්‍ය එනෙමලය මෙන්ම ශක්තිමත් බව සොයා ගෙන ඇත. අලුතින් සකස් වන එනෙමලය ද සාමාන්‍ය එනෙමලය මෙන්ම ශක්තිමත් බව සොයා ගෙන ඇත.
දින දෙකක් පමණ වන විට එය මයික්‍රෝමීටර් තුනක් පමණ ඝනකමින් යුක්ත වේ තවමත් මෙය පර්යේෂණ මට්ටමේ පවතින අතර තවත් වසර දෙකකින් පමණ මෙය අත්හදා බැලීමට හැකිවනු ඇතැයි විද්‍යාඥයෝ ප්‍රකාශ කරති.