ලංකාවේ පළමු වරට වේදනා කළමණාකරණ හෙද පුහුණුව ආරම්භ කෙරේ.

මෙරට ප්‍රථම වරට පැවැත්වෙන් වේදනා කළමණාකරණ හෙද පුහුණු පාඨමාලාවේ ආරම්භය අද (03) ජාතික රෝහල් ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙයි. මෙය  සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සුවපත් හෙටක් සවිමත් රටක් සංකල්පය යටතේ ක්‍රියාත්මක වන්නකි.

මෙහි පළමු කණ්ඩායමට හෙදියන් 42ක් අයත් වන අතර පාඨමාලා කාලය මාසයකි. එම කාලය ඇතුළත වේදනා කළමණාකරණය පිළිබඳව න්‍යාත්මක හා ප්‍රායෝගික පුහුණූව හෙදියන්ට ලැබේ.

පාඨමාලාව අවසානයේ අදාළ හෙද හෙදියන් තමන් සේවය කළ රෝහල් වෙතම අනුයුක්ත කීරීම සිදු කරන අතර නිල ඇදුමේ පැළදීම සඳහා විශේෂිත වු ලාංජනයක් හා පිළිගත් සහතික පත්‍රයක් පිරිනැමෙනු ඇත .

 

About freddy

Check Also

සාර්ථකව බද්ධ කල තවත් සූකර වකුගඩුවත් හොදින් ක්‍රියාත්මකයි..

බොස්ටන් හි පිහිටි Massachusetts General Hospital (MGH) රෝහලේදී සාර්ථකව සූකර වකුගඩුවක් බද්ධ කිරීමෙන් වසරකට පමණ …