වෙන්වී ගිය ඇගිලි 4ක් මහනුවර රෝහලේදී සාර්ථකව බද්ධ කරයි

පැය 5ක කාලයක් පුරා සිදුකෙරූ ශල්‍යකර්මයක් මගින් වෙන්වි ගිය ඇගිලි 4ක් සාර්ථකලෙස  බද්ධ කිරීමට මහනුවර මහ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් සමත් වුහ.විශේෂඥ ශල්‍ය වෛද්‍ය අනිල සසංක රත්නායක මහතා ඇතුළු වෛද්‍ය හා කාර්ය මණ්ඩලය මෙම සැත්කම සාර්ථකව සිදු කර ඇත.
රෝගියාගේ ඇගිලි වෙන්වී ගොස් තිබුණේ වඩේ සකස් කිරීම සදහා පරිප්පු අඹරන යන්ත්‍රයකට හසුවීමෙනි.
තුවාලකරුගේ පටක හා සමට දැඩි හානි සිදුව ඇති නමුත් රුධිර නාලවලට සිදුවී ඇති හානිය අවම වීම හේතුවෙන් සාර්ථකව ඇගිලි බද්ධ කිරිමට හැකිවු බව විශේෂඥ වෛද්‍ය අමිල සසංක මහතා සදහන් කරයි.

About freddy

Check Also

කුරුණෑගල රෝහලේ  වකුගඩු ලේසර් ප‍්‍රතිකාරය නවතී

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම දැන් සති කිහිපයක සිට දින නියමයක් නොමැතිව …