මොළය මිය ගිය අයගේ අවයව ඇති බව කියන FB post වලට රැවටෙන්න එපා

මෙම සතිය තුල විවිධ Fb Page ඔස්සේ ප්‍රචාරය වූ දැන්වීමක්. මෙහි සදහන් වන ආකාරයට මොළය මිය ගිය පුද්ගලයන් දෙදෙනෙකුගේ වකුගඩු 4ක් ඔවුන්ගේ පවුලේ අය විසින් වකුගඩු රෝගි අය වෙත ප්‍රදානය කිරීමට කැමැත්තෙන්සිටි නබව පැවසෙන අතර ඒ සදහා අවශ්‍ය අයට ඇමතීම සදහා දුරකථන අංකද ලබාදී තිබෙනවා.

දුරකථන අංක දුටු සැණින්ම මේ පිළිබදව අවදානයක් යොමු කරන අයට මේ සම්බන්දයෙන් සැකයක් ඇති විය යුතුයි. මේ ආකාරයේ දුරකථන අංක ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන කිසිදු දුරථන සේවා සපයන ආයතනයක් මගින් ලබා දෙන්නේ නැහැ. බැරි වෙලාවත් මේ පෝස්ට් එක් ලංකාවේ සිදුවීමක් සම්බන්දයෙන් නොවන්නේ නම් පිටරටකදී මොළය මියගිය පුද්ගලයන්ගේ අවයව මෙරටදී බද්ධ කිරීමනම් කරන්න අපහසු කාර්යයක්.

එමෙන්ම මෙහි වෛද්‍ය විද්‍යාත්මක පදනම මත සැලකීමේදී මොළය මිය ගියායැයි වෛද්‍යවරුවන් විසින් සනාථ කරන රෝගීන්ගේ අවයව එම රෝගියාගේ ඥාාතීන්ගේ කැමැත්ත මත හෝ එම රෝගියා මිය යාමට පෙර ඒ සදහා කැමත්ත පල කර ඇතිනම් එවැනි අවස්ථාවකදී වෙනත් අවයව බලාපොරොත්තුවෙන් සිටින රෝගින්ට බද්ධ කිරීම සිදුවනවා. නමුත් එසේ බද්ධ කිරීම සදහා ගැලපෙන රෝගියා තෝරාගන්නේ යම් වෛද්‍ය පරීක්ෂණ කිහිපයකින් පසුව වන අතර ගැලපෙන රෝගියා සොයා ගැනීම රෝහල් අතර ඇති ජාලයක් හරහා සිදුවන්නක්.

එසේ මොළය මිය ගිය පුද්ගලයෙකුගේ අවයව පවතින බවට රෝහල් වෙත දැනගන්නට ලැබෙන අවස්ථාවකදී රෝහල් සතුව ඇති රෝගි ලැයිස්තුවේ අවයව බලාපොරොත්තුවෙන් පසුවන රෝගින්ගෙන් ගැලපෙන රෝගීකෙු තෝරාගෙන මෙම අවයව බද්ද කිරීම තමයි මේ වන විට ශ්‍රීලංකව තුල සිදුවන ක්‍රියවලිය වන්නේ.

ඒ නිසා FB post එකක් මගින් හෝ ඒවා ශේයාර් කිරීඹ මගින් අවයව දන්දෙන්න ප්‍රතිග්‍රාහකයන් එහෙමත් නැතිනම් Organ recipient කෙනෙක් හොයා ගන්න බැහැ.ඒ නිසා මෙවැනි තමන්ගේ FB pages promote කරගන්න හදන බොරු වලට රැවටෙන්න එපා.

 

 

About freddy

Check Also

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත …