මීගමුව රෝහලකට කලක පටන් ඉතා අවශ්‍යව තිබූ රුධිර කාන්දුකරණ ඒකකය (Dialysis Unit) අද(24) දිනයේදී විවෘත කිරීමට නියමිතය.
මෙමින් ප්‍රදේශයේ හා මීගමුව අවට ප්‍රදේශවල වකුගඩු රෝගීන්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ටද දැඩි රැකවරණයක් හිමි වනු ඇත. මීගමුව හා අවට ප්‍රදේශවල ක්‍රියාත්මක වන පුද්ගලික රෝහල් වලින් ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගැනීමේ හැකියාව පැවතියද ඒ සදහා එක්වරකට අවම වශයෙන් රුපියල් 8000ක වියදමක් දැරීමට රෝගීන්ට සිදුවීම ඊට හේතුවයි.
මෙම ඒකකයේ ආරම්භය අත්හදාබැලීමේ කාලසීමාවක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති අතර නුදුරේදීම සියළු කටයුතු යථා තත්වයට පත් කරමින් මීගමුව රෝහල වකුගඩු රෝගීන්ට සිය සේවාව සපයනු ඇත
kidneyinfolk To educate people on kidney related issues.
