අඩු පහසුකම් යටතේ බිබිල රෝහලෙන් තවත් ගරු කටයුතු උත්සාහයක්

ඊයේ දිනය (2019.10.16) බිබිල මූලික රෝහලට තවත් සුවිශේෂී දිනයක් උනා. ප්‍රධාන රෝහල් වල පමනක් මෙතෙක් කල් සිදුකරනු ලැබූ “මහාන්ත්‍ර යථෝප්තකරන” (Reversal of Hartmaan’s Procedure) සැත්කමක් ප්‍රථම වරට බිබිල රෝහලේ සාර්ථකව නිම කරනු ලැබුවා. මීට පෙර මහාන්ත්‍රයේ පිලිකා තත්වයක් හේතුවෙන් කොටසක් ඉවත් කිරීමකට ලක් වූ රෝගියෙකුට, පිලිකා ප්‍රතිකාර (Chemotherapy) අවසන් වීමෙන් පසු, මහාන්ත්‍රය නැවත කොටස් එකතු කර එකිනෙක බද්ධ කර ආහාර මාර්ගය නැවත සකස් කිරීම මෙහිදී සිදුවිය. උදෑසන 10.00 සිට රාත්‍රී 8.00 දක්වා පුරා පැය 10ක් මෙම සැත්කමට ගතවූ අතර සැත්කමෙන් පසු දැඩිසත්කාර (ICU) ඒකකයක් නොමැති වුවත් ඒ හා සමාන රැකවරණයක් වාට්ටුවේදී ලබාදිමට සමත් වී ඇත… විශේශ ස්තුතිය නන් අයුරින් දායක වූ සැමට. සැත්කම අවසානයේ කකුල් දෙක විඩා දුන්නත්, හිතේ සතුට මිල කල නොහැක.
ඔව්..අපි යමක් කලෙමු..
..
නැවතත් මතක් කර දෙමි.
ශල්‍යාගාරයේ වායුසමීකරණය විටෙන් විට ලෙඩ දෙන්නේය. සැත්කම සිදුකලේ ද විදුලි පංකාව දමාගෙනය.
රෝහලට වෛද්‍යවරුන් 68ක් අවැසි වුවත් ඉන්නේ 37 ක් ය. එයිනුත් 9ක් ස්ථාන මාරු ලැබ ඇත.
ඒ 37 ටම ඇත්තේ නිල නිවාස 3ක් පමනි.
හෙද නිලදාරීන්, අනෙකුත් කාර්‍ය මණ්ඩල ද එසේමය. අත්‍යාවශ්‍ය බෙහෙත් සීමා සහිතය. අවශ්‍ය පහසුකම් ලබා දෙන්න. රෝගීන් වෙනුවෙන් තවත් කල හැකි දේ බොහෝමය..
Dr. Kapila Samarasekara (Consultant Surgeon) Dr. Ivor Alahakoon (Consultant Aneasthetist)
Dr. Jeewantha Sandaruwan Gunarathna
Dr. Sampath Weerasinghe
Dr. Upendra Shirly Weerakkody
Dr. Chintha Kulappuarachchi

 

 

 

(සංජය ගුණතිලක මහතාගේ ෆේස්බුක් සටහනකි.)

About freddy

Check Also

COVID 19 සදහා බ්‍රිතාන්‍ය නිපදවූ එන්නත හෙට සිට මිනිසුන් හරහා පරීක්ෂණයට

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසින් කොරෝනා වෛරසයට එරෙහිව නිපදවන ලද එන්නත හෙට සිට මිනිසුන්ට …