Breaking News

කෘතිම වකුගඩු නිර්මාණය : තවත් සන්ධිස්ථානයක් පසුකර

මිනිස් සිරුර තුල තැන්පත් කල හැකි එසේත් නැතිනම් බද්ධ කල හැකි ජෛව – කෘතිම වකුගඩුවක් නිර්මාණය කිරීමේ පරීක්ෂණ මේ වන විට සිදුවෙමින් පවතී . එසේ නුදුරු අනාගතයේදී මිනිස් සිරුරට බද්ධ කල හැකි සාර්ථක කෘතිම වකුගඩුවක් නිර්මාණය කිරීමට විද්‍යාඥයින්ට හැකි වන්නේ නම් ලොවපුරා වකුගඩු රෝගයෙන් මියයන පිරිස් වෙත විශාල අස්වැසිල්ලක් එමගින් සැපයෙනු නොඅනුමානය.

ලොවපුරා වෙසෙන සියළුම වකුගඩු රෝගීන් හට තවත් ධනාත්මක බලාපොරොත්තුවක් ගෙන එමින් පසුගිය දිනක එම පර්යේෂණ ව සුවිශේෂී සන්ධිස්ථානයක් ප්‍රකාශයට පත් කිරීම සිදුවිය.

ඒ විද්‍යාඥයින් විසින් නිර්මාණය කරන ලද කෘතිම වකුගඩුව සාර්ථකව “උරෙකු” හරහා අත්හදා බැලීමට හැකිවූ බවයි. ක්‍රියාකාරී මට්ටමේ පවතින මිනිස් සෛලද ඇතුලත් මෙම මූලාකෘති තත්වයේ ඇති කෘතිම වකුගඩුව ඌරා වෙත බද්ධ කර ඇති අතර ඉන්පසු බද්ධ කල කෘතිම වකුගඩුවට එරෙහිව ඌරාගේ ශරීරයෙන් කිසිදු ප්‍රතිශක්තිකරණ ප්‍රතික්‍රියාවක් සිදුව නොමැති අතර ලේ කැටි ගැසීමක් හෝ සිදුව නොමැත.

වකුගඩු සෛල ප්‍රමාණයෙන් විශාල සත්ත්වයෙකු වෙත බද්ධ කල ප්‍රථම අවස්ථාව මෙය වන අතර එහිදී ප්‍රතිශක්තිය හීන කරන ඖෂධ කිසිවක් භාවිතා නොකිරීමද විශේෂත්වයකි.

පර්යේෂණ පසුබිම එසේ තිබියදීත් උරාගේ සිරුරෙන් කෘතිම වකුගඩුව වෙත කිසිදු ප්‍රතික්‍රියාවක් සිදුනොවීම එය මිනිසුන් හරහා පර්යේෂණ කිරීම සදහා ධනාත්මක බලපෑමක් ඇති කල බව විද්‍යාඥයින්ගේ මතය වී ඇත.

About freddy

Check Also

මෙරට වකුගඩු රෝගීන්ගෙන් 10% තවමත් ඒ ගැන දන්නේ නැහැ – වෛද්‍ය අර්ජුන

මෙරට ජීවත්වන වකුගඩු රෝගීන් සම්බන්දයෙන් වන භායනක අනාවරණයක් වෛද්‍ය අර්ජුන මාරසිංහ මහතා විසින් සිදුකර ඇත. …