අවුරුදු 18 – 40 අතර පිරිමි පුද්ගලයන් අතර HIV ආසාදනය වසංගත තත්වයෙන් පැතිර යාමේ අවදානමක්

මෙරට වයස අවුරුදු 18ත් 40ත් අතර පිරිමි පුද්ගලයන් අතර HIV ආසාදනය වසංගත තත්වයෙන් පැතිර යාම ආරම්භ වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග / ඒඩ්ස් මර්දන වැඩසටහනට අනුයුක්ත විශේෂඥ වෛද්‍ය චන්ද්‍රිකා ජයකොඩි මහත්මිය පවසයි. වැඩිම රෝගීන් පිරිසක් වාර්ථා වන්නේ බස්නාහිර පළාත තුලින්ය. මේ වසරේ සැප්තැම්බර් මස අවසන් වන විට අලුත් HIV රෝගීන් 300 දෙනෙකු පමණ හදුනා ගැනීමට හැකිව ඇත.

HIV වෛරසය ශරීර ගතවී ඇති බොහෝ පිරිස් සුදුසුකම් නොලත් වෛද්‍යවරුන් මගින් එම ආසාදනය සදහා ප්‍රතිකාර කිරීමේ වැඩි ප්‍රවණතාවක් ඇතිව ඇති අතර ඒ හේතුවෙන් ආසාදිතයන් තවත් ගැටළු වට ගොදුරු වන බවද වෛද්‍යවරුන් පවසයි. විශේෂයෙන් මේ වන තෙක් HIV සුවකල හැකි කිසිදු ප්‍රතිකාර ක්‍රමයක් නොමැති අතර සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් නිවැරදි ප්‍රතිකාර සිදුකරන්නේ නම් සියලුම ආසාදියන්ට ආසාදනය පාලනය කරගනිමින් සාමාන්‍ය ජීවිතයක් ගත කල හැකිය. මේ වන විටත් රෝගීන් 1600ක්පමණ මෙරට රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ලබාගන්නා අතර ඒ සියළුම ප්‍රතිකාර නොමිලේ ලබාදීමද විශේෂත්වයකි.

ජාතික ලිංගාශ්‍රිත රෝග / ඒඩ්ස් මර්දන වැඩසටහනේ වෛද්‍ය චන්දනී හෙට්ටිආරච්චි මහත්මියට අනුව 2025 වන විට ශ්‍රී ලංකාව විසින් එච්.අයි.වී / ඒඩ්ස් තුරන් කිරීම එම වැඩසටහනේ අරමුණ වන අතර එම ඉලක්කය සපුරා ගැනීම සඳහා වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කර ඇත.

The latest HIV testing technology can detect the virus within weeks of infection. Over 300 new HIV positive cases were detected in Sri Lanka by September 30 this year. The news cases were detected among those between 18 and 49 years of age.

About freddy

Check Also

කුරුණෑගල රෝහලේ  වකුගඩු ලේසර් ප‍්‍රතිකාරය නවතී

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම දැන් සති කිහිපයක සිට දින නියමයක් නොමැතිව …