
ඉන්ෆ්ලුවන්සා වෛරස ආසාදනය වූ රෝගීන්ගේ වැඩි වීමක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ පිළිබඳව ගර්භණී මව්වරුන්, වයස අවුරුදු 2ට අඩු දරුවන්, වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින්, ප්‍රතිශක්තිය හීන වූ පුද්ගලයින්, නිදන්ගත හෘද, අක්මා, වකුගඩු, දියවැඩියා, පිළිකා වැනි රෝගවලින් පෙලෙන්නන් විශේෂ අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
පවතින වැසි සහ ශීත කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉන්ෆ්ලුවන්සා රෝගය වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවද එම අමාත්‍යාංශය පවසයි.
උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගී තත්ත්වයන් හටගත් වහාම කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
(Ada.lk)
kidneyinfolk To educate people on kidney related issues.