චීනයේ පැතිරෙන නිවුමෝනියා වෛරසය ගැන අවදානයෙන් සිටින්නැයි ලෝක සෞඛ්‍ය සංවිධනයෙන් ශ්‍රී ලංකාවට උපදෙස්

චීනය තුල පැතිරයමින් පවතින “වූහාන් නියුමෝනියා” වෛරසය සම්බන්දයෙන් අවදානය යොමු කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රීලංකාවේ සෞඛ්‍ය අංශ වෙත දැනුම්දීමක් සිදුකර ඇති බව වාර්ථා වෙයි.

මෙම වෛරසය ආසාදනය වූ රෝගීන් දෙදෙනෙකු චීනයට පිටතින් වාර්ථා වීමත් සමග චීන ජාතික සංචාරකයන් වැඩි වශයෙන් ගමන්ගන්නා රටවල් වෙත මෙලෙස දැනුම්දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබේ.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් මෙම තත්වය සම්බනදයෙන් දැනවත් කර ඇති බවත්, යම් ගැටළුකාරී තත්වය් ඇති වුවහොත් ඊට මුහුණ දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සම්බන්ධතාවය පවත්වා ගනිමින් කටයුතු කරමින් සිටින බවත් සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කර සිටියි.

ම් වන විට මෙම වෛරසය ආසාදනය වූවන් 41 දෙනෙකු චීනයෙන් වාර්තා වී ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

About freddy

Check Also

COVID -19 පැතිරයාම පිළිබඳ මාධ්‍යය නිවේදනය

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) දත්ත වලට අනුව, COVID-19 ඇති කරන SARS-CoV-2 වෛරසයේ ක්‍රියාකාරිත්වයේ ගෝලීය වැඩිවීමක් …