Breaking News

වකුගඩු දෙකම නොමැතිව ජීවත් වන ඉන්දුකගේ කථාව

වෛද්‍ය විද්‍යාත්මකව මිනිසෙකුගේ ජීවත් වීම සදහා අවම වශයෙන් එක් වකුගඩුවක්වත් අවශ්‍යයි. ඒ නිසයි වකුගඩු අකර්මන්‍යවීමෙන් පසු පුද්ගලයෙකුගේ නිරෝගී පැවැත්ව තහවුරු කිරීම සදහා වකුගඩු බද්ධ කිරීම හෝ රුධිර කාන්දකරණය හෙවත් ඩයලයිසිස් කිරීම සිදුකරන්නේ.

නමුත් අද අපි කථා කරන්නේ වකුගඩු දෙකම නැතිව ජීවත්වන,තම ජීවිතයේ ඉලක්ක වෙත ගමන් කරන ආදර්ශමත් චරිතයක් ගැනයි. ඔහු අංගොඩ ශ්‍රී රාහුල විද්‍යාලයේ ගුරුවරයෙක්. නමින් ඉන්දුක ප්‍රනාන්දු.ඔහුට වසස අවුරුදු 42ක්.

ඔහු මින් පෙර වකුගඩු බද්ධ කිරීමක් සිදුකර තිබෙනවා. ඉන්පස්සේ ඒ වකුගඩුව පුපුරා ගිය බව ඔහු පවසනවා. එසේ වකුගඩු දෙකම අහිමිවීමත් සමග ඔහුට ජීවිතේ ගොඩක් දේවල් අහිමි වෙලා තියෙනවා. ඒ වගේමයි ඔහුගේ ධෛර්‍යයෙන් ඔහු මේ වන විට ගොඩක් දේවල් ලබා ගෙනත් තිබෙනවා.

මේ ඉන්දුක මහතාගේ කථාව.

ඉන්දුක ප්‍රනාන්දු මහතා

වීඩියෝ පටය – Neth Fm Belumgala

About freddy

Check Also

දරුවන්ට බලපාන කොරෝනා වෛරසයට සම්බන්ද ආසාදනයක් ගැන බ්‍රිතාන්‍යයෙන් අනතුරු ඇගවීමක්

කොරෝනා වෛරසයට සම්බන්දතාවයක් ඇති යැයි සැකකල හැකි කුඩා දරුවන්ට බරපතල රෝගලක්ෂණ ඇති කරන රෝගී තත්වයක් …