චීනය තුල පැතිරෙමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබේ.
චීනය තුල මේ වන විට ඇතිව තිබෙන තත්වය මත නොව දුර්වල සෞඛ්‍ය සේවයක් ඇති රටවල් වල වෛරසය ව්‍යාප්ත වීමේ හැකියාව සැලකිල්ලට ගනිමින් හදිසි තත්වය ප්‍රකාශයට පත් කල බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි.
එමෙන්ම වෛරසය පාලනය සම්බන්දයෙන් චීනය කටයුතු කරන ආකාරය ප්‍රශංසනීය බවද ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර සිටියි.
මේ වන විට මෙම වෛරසය හේතුවෙන් චීනය තුල මරණ 213ක් වාර්තා වන අතර චීනයෙන් පිට රෝගීන් 98ක් වාර්තා වෙයි.
kidneyinfolk To educate people on kidney related issues.