ලාබාලතම කොරොනා වෛරස් අසාදිතයා : උපත ලබා පැය 30යි

වෛරසය පැතිරීම ආරම්භ වූ චීනයේ වූහාන් ප්‍රදේශයේදී පසුගිය පෙබරවාරි 30 වනදා උපත ලැබූ දරුවෙකු කොරෝනා වෛරසය ආසාදිත ලබාලතම රෝගීයා ලෙස වාර්ථා වී ඇත. පත ලබා පැය 30කට පමණ පසු මෙම දරුවාට වෛරසය ආසාදනය වී අැති බව තහවුරු වී ඇති අතර දරුවා බිහි කිරීමට පෙර මවට කොරෝනාවෛරසය ආසාදනය වී තිබුණු බව පරීක්ෂණවලින් තහවුරු විය. නමුත් රෝගය සම්ප්‍රේෂණය වූයේ ගර්භාෂයේ ද නැතහොත් උපතින් පසු ද යන්න මෙතෙක් තහවුරු වී නැත.

වෛරසය හේතුවෙන් මේ වන විට මියගිය පුද්ගලයින් ගණන 636ක් වන අතර ආසාදිතයන් 31,161 කි.

මෙම වෛරසය දරුවාට ආසදනය වූයේ කෙසේද යන්න පිළිබදව පරියේෂණ පැවැත්වෙන අතර මෙම අවස්ථාව ගර්භාෂය තුළ දී වෛරසය ආසාදනය වූ අවස්ථාවක් විය හැකි බව වෛද්‍ය විශේෂඥයෝ පවසති. එමෙන්ම දරුවාගේ උපතින් පසු මව සමග පවත්වන සමීප සම්බන්දතාවය හේතුවෙන්ද මෙම වෛරසය ආසාදනය වූවා විය හැකි බවත් විශේෂඥයෝ පෙන්වා දෙති.

About freddy

Check Also

COVID 19 සදහා බ්‍රිතාන්‍ය නිපදවූ එන්නත හෙට සිට මිනිසුන් හරහා පරීක්ෂණයට

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසින් කොරෝනා වෛරසයට එරෙහිව නිපදවන ලද එන්නත හෙට සිට මිනිසුන්ට …