රජයේ රෝහල් සදහා හිගව පැවති අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 310 ක් හිදිසි මිලදී ගැනීම සදහා සෞඛ්‍ය අනුමැතිය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව මෙම ඖෂධ මිලදීගැනීම සදහා හදිසි මිලදී ගැනීම් යටතේ ආනයනය කිරීම සඳහා වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 600 ක් පමණ වේ.
මේ වසරේ පළමු කාර්තුවට අවශ්‍ය ඖෂධ මෙසේ මිලදී ගනු ලබන අතර එය සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ මිලදී ගැනීමට මාස 11 ත් 14 ත් අතර කාලයක් ගතවනු ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.හදිසි මිලදීගැනීම් යටතේ වූවද මෙම ඖෂධ මිලදී ගැනීම සදහා දින 60 -90 ත් අතර කාලයක් ගතවනු ඇත.