Anti coagulant වර්ගයේ ඖෂධයක් වන warfrin එම ඖෂධය නිර්දේශ කරන රෝගීන්ට දිගින් දිගටම ගත යුතු ඖෂධයක්. එම රෝගීන්ගේ INR (international normalized ratio) අගය මත පදනම්ව ඇතැම් අවස්ථාවන් වලදී එම රෝගීන් ලබා ගත යුතු warfrin මාත්‍රාව වෙනස් කරනු ලබනවා.
නමුත් මේ වන විට දිවයින පුරා warfrin හිගයක් පැවතීම නිසා රෝගීන් විශාල අපහසුතාවයකට පත්ව තිබෙනවා. දිවයින් පුරා බොහෝ ඔසුසැල් වල පවතින්නේ warfrin 5mg පෙති පමණක් වන අතර 1 mg පෙති බොහෝ කාලයකින් ඔසුසැල් වෙත නැහැ.
ඇතැම් විට 5mg warfrin පෙති තිබෙනවානම් warfrin හිග වන්නේ කොහොමදැයි කෙනෙක්ට ප්‍රශ්ණයක් ඇති වන්නට පුළුවන්. නමුත් ගැටළුව ඇත්තේ warfrinහි 5mg මාත්‍රාවක් නිර්දේශ කර ඇති රෝගීන්ට නොව 1mg, 3mg , 6mg , වැනි මාත්‍රාවන් නිර්දේශ කර ඇති රෝගීන්ටය. එම මාත්‍රාවන් 5mg පෙති යොදා ගිනිමන් නිර්මාණය කිරීම ඉතාමත් අපහසු වීම ඊට හේතුවයි.
මේ වන විට දිවයින පුරාම විවිධ ඖෂධ විශාල ප්‍රමාණයක හිගයක් පවතින අතර හදිසි අවශ්‍යතා යටතේ එම ඖෂධ මිලදී ගත්තද ඒවා රෝගීන් වෙත ලැබීමටනම් අවම මාර්තු මස අග හෝ අප්‍රේල් මස මුල දක්වා කාලයක් ගත වනු ඇත. තත්වය එසේනම් අවම තවත් සති තුනක කාලයක්වත් එම ඖෂධ නැතිව සිටීමට හෝ වැඩි මුදලක් ගෙවා පුද්ගලික ෆාමසි වලින් ඒවා මිලදී ගැනීමට සිදුවනු ඇත. එය සැබැවින්ම බරපතල තත්වයකි.
නමුත් warfrin වැනි රොගීන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම සදහා අත්‍යවශ්‍ය වන ඖෂධ නැතිව අන්ත අසරණව ඇති රෝගීන්ගේ මෙම ගැටළුව විසදෙන්නේ කවදාද කියා කිව නොහැක. මේ වන විට පවතින ඖෂධ හිගය ඇති වීමටත් පෙර සිටම warfrin හිගයක් පැවතීම ඊට හේතුවයි.
එම නිසා අදාල බලධාරීන් ලගම එන මැතිවරණයට ඡන්දය ලබාගැනීමේ අරමුණෙන් හෝ වේවා මෙම ඖෂධ නිසි පරිදි රෝගීන්ට ලබාදීමට හැකි ඉක්මණින් කටයුතු කල යුතුව ඇත.