දැන ගන්න ලැබුණු විදියට, මේ වෙනකොට ලංකාවේ Hand Sanitizer හොයා ගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ.
ගෙදර ඉන්නවා නම්, අත් පිරිසිදු කර ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි සබන් / Liquid Handwash සහ වතුර. නමුත් පොදු ප්‍රවාහන සහ පොදු ස්ථාන වල මේක කරන්න අමාරුයි. ඒ වෙලාවට Hand Sanitizer සැහෙන්න වටිනවා.
Liquid Hand Sanitizer ගෙදර හදා ගන්න පුළුවන් ඉතාම ලේසියෙන්.
මේ Guide එක වැදගත් වේවි Hand Sanitizer හොයා ගන්න බැරි අයට සහ ඒ වෙනුවෙන් ලොකු වියදමක් දරන්න බැරි අයට.
මේක WHO අනුමත කරපු විදියක්.
අමුද්‍රව්‍ය
- Ethyl Alcohol > 90% හෝ Isopropyl Alcohol > 90% ( Surgical Spirit කියන්නේත් මේවාට ම තමයි )
- Hydrogen peroxide 3%
- Glycerol 98%
- පිරිසිදු බෝතල්
මිශ්‍ර කරන අනුපාතය (100ml හදා ගන්න)
Alcohol – 85 ml
H2O2 – 4ml
Glycerol – 1.5 ml
මුලින් Alcohol ලොකු බෝතලයකට දාන්න. පස්සේ ඒකට Hydrogen Peroxide එකතු කරන්න. අන්තිමට, Glycerol එකතු කරන්න.
Glycerol ඇලෙන සුළු ද්‍රව්‍යයක් නිසා, මෙක මනින්න ගන්න උපකරණයේ රැදෙන ටික, උණු කර නිවා ගත් වතුර ටිකකින් හෝදලා, අර බෝතලයටම දාන්න.
අන්තිමට, ඔක්කොම 100 ml වෙනකල් උණු කර නිවා ගත් වතුර එකතු කරන්න.
මුලින් ගනිපු Alcohol වල Alcohol ප්‍රතිශතය අඩු නම් (85 – 90 %), වතුර දාන්න එපා.
දැන් මේ ඔක්කොම එකතු කර ගත්ත බෝතලය වහලා, හොඳට කලවම් වෙනකම් හොලවන්න.
අන්තිමට, පොඩි පොඩි බෝතල් වලට දාගන්න.
Glycerol වෙනුවට Aloe Vera Gel එකතු කරන්න පුළුවන්. මොනවා කලත් අන්තිම Alcohol ප්‍රතිශතය 75% ට වඩා ඉහළ මට්ටමක තියා ගන්න ඕනේ.
(Facebook හි පලවු සටහනකින් උපුටා ගන්නා ලද්දකි)