කොරෝනා වෛරසයට සම්බන්දතාවයක් ඇති යැයි සැකකල හැකි කුඩා දරුවන්ට බරපතල රෝගලක්ෂණ ඇති කරන රෝගී තත්වයක් සම්බන්දයෙන් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ විසින් අනතුරු ඇගවීමක් සිදුකර ඇත.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථාවන්ට අනුව බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර දැඩි සත්කාර ඒකකයන් වල හා එරට වෙනත් ප්‍රදේශවල දැඩි සත්කාර ඒකකයන්ගේද මේ ආකාරයෙන් අසාමාන්‍ය රෝගලක්ෂණ පෙන්නුම් කරන බරපතල තත්වයේ පසුවන කුඩා දරුවන්ට ප්‍රතිකාර ගනිමින් සිටියි.
බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශවලට අනුව මෙම තත්වයේදී උණට සමාන රෝග ලක්ෂණ ඇති අතර සිරුරේ බොහෝ පද්ධතී ප්‍රදාහයට (inflammation) ලක්වීම සිදුවේ.උණ තත්වයට අමතරව,රුධිර පීඩනය අඩු වීම, සමේ දද ඇතිවීම හා හුස්ම ගැනීමේ අපහසුතාවයද මෙම තත්වයේ රෝග ලක්ෂණ වශයෙන් වාර්ථා වී ඇත.ඇතැම් දරුවන්ට එම රෝග ලක්ෂණ වලට අමරතරව උදරයේ වේදනාව,වමනය,පාචනය වැනි රෝග ලක්ෂණද ඇති වී තිබේ. මෙම රෝග ලක්ෂණ සැලකීමේදී මෙවැනි රෝග ලක්ෂණ ඇති වන්නේ සිරුර විසින් ආසාදනයකට එරෙහිව ක්රියාකිරීමේදී බව වෛද්‍යවරුන්ගේ හා විශේෂඥයින්ගේ මතය වී තිබේ.
මෙම රෝග ලක්ෂණ සහිතව රෝහල් තුල ප්‍රතිකාර ලබන දරුවන්ගෙන් කිහිපදෙනෙක් කොරෝනා ආසාදිතයන් වශයෙන් හදුනාගෙන තිබීම හේතුවෙන් මෙම තත්වය කොරෝනා ආසාදනයට සම්බන්ද තත්වයක්ද , නැතිනම් ඒ ආකාරයේ නව ආසාදනයක්ද යන්න වග හදුනාගැනීම සම්බන්දයෙන් මේ වන අවදානය යොමු කර ඇති බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ පවසයි.
කෙසේ වෙතත් මින් පෙර විශේෂඥයින්ගේ මතය වී තිබුනේ කොරෝනා වෛරස් ආසාදනයෙන් කුඩා දරුවන් බරපතල තත්වය පත්වීමේ අවදානම අඩු බවයි.
(බීබීසීහි පළවූ ලිපියක් ඇසුරිණි)