ජාතික අක්ෂි රෝහල හදිසි අක්ෂි ආබාධ හා හදිසි අනතුරු සදහා පමණයි

කොවිඩ්19 වෛරස ව්‍යාප්තිය පාලනය කරන තුරු ජාතික අක්ෂි රෝහලේ හදිසි අනතුරු සේවා සහ හදිසි අක්ෂි ආබාධ සේවා පමණක් ක්‍රියාත්මක කිරීමට රෝහල් පාලනාධිකාරිය තීරණය කර තිබේ.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.එල්.එල්.යු.සි.කුමාරතිලක මහත්මිය සඳහන් කරන ආකාරයට සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගනිමින් රෝහලේ බාහිර රෝගී පරිශ්‍රය තුළ රඳවා තබා ගත හැකි වන්නේ පුද්ගලයින් සිය දෙනෙකු පමණි. ඒ අනුව සාමාන්‍ය පරිදි සායන හා බාහිර රෝගී සේවා පවත්වාගෙන යාම අපහසු වන අතර හදිසි අනතුරු සේවා සහ හදිසි අක්ෂි ආබාධ සේවා පමණක් ක්‍රියාත්මක කිරීමට හැකි බව එතුමිය පවසයි.

එමෙන්ම අක්ෂි සායනවලට සහ ඖෂධ ලබාගැනීමට පැමිණෙන පුද්ගලයින්ගේ පහසුව වෙනුවෙන් දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

0112 693 911 යන දුරකථන අංකය මඟින් ඒ පිළිබඳ තොරතුරු ලබාගත හැකියි.

එමෙන්ම 0113 618 678 යන දුරකථන අංකය ඇමතීමෙන් අක්ෂි රෝග සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් ලබාගැනීමට හැකි බව  ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂවරිය පවසයි.

About freddy

Check Also

කුරුණෑගල රෝහලේ  වකුගඩු ලේසර් ප‍්‍රතිකාරය නවතී

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම දැන් සති කිහිපයක සිට දින නියමයක් නොමැතිව …