තවත් වකුගඩු රෝගීන් 13,849 දෙනකුට 5000 බැගින්




වකුගඩු රෝගයට ලක්ව මහජන ආධාර අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනවල සිටින තවත් රෝගීන් 13,849දෙනකුට රුපියල් 5,000 ක මාසික ජීවනාධාර දීමනාව ගෙවීමට සෞඛ්‍ය, කාන්තා, ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශට තීරණය කර ඇත.

වකුගඩු රෝගීන් සඳහා රජයෙන් ගෙවන රුපියල් 5,000 ජීවනාධාරය ලැබීමට අඩු ආදායම්ලාභී රෝගීන් 39,169 සුදුසුකම් ලබා සිටියද දැනට එම සහනාධාරය හිමිවන්නේ රෝගීන් 25,320 දෙනකුට පමණි.

අඩු ආදායම්ලාභී වකුගඩු රෝගීන්ගෙන් පිරිසකට පමණක් රුපියල් 5,000 දීමනාව ගෙවීම සාධාරණ නොවන බැවින් අඩු ආදායම්ලාභී රෝගීන් සියලු දෙනාට එම දීමනාව ගෙවීමට අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එම අදාළ ගෙවීම සඳහා මේ වසරට රුපියල් කෝටි 235ක මුදලක් වෙන් කිරීම වෙනුවෙන් කැබිනට් අනුමැතිය ඉල්ලා ඇමැති පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ද ඉදිරිපත් කර ඇත.

වකුගඩු රෝගය ව්‍යාප්ත වී ඇති අවදානම් ප්‍රදේශ ලෙස අනුරාධපුර, පොළොන්නරුව, මාතලේ, ත්‍රිකුණාමලය, අම්පාර, වව්නියාව, කුරුණෑගල, මුලතිව්, බදුල්ල, මොණරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක එකොළහක තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 82ක අඩු ආදායම්ලාභී වකුගඩු රෝගීන් සඳහා දැනට මෙම දීමනාව ගෙවනු ලැබේ.

මීට අමතරව වකුගඩු රෝගයෙන් මව හෝ පියෝ හෝ අහිමි වූ දරුවන්ට උසස් පෙළ හැදෑරීම සඳහා මසකට රුපියල් 3,000 බැගින් මාසික දීමනාවක් වසර දෙකක කාලයක් සඳහා රජය විසින් ගෙවනු ලැබේ. 

(lankadeepa)

About freddy

Check Also

සාර්ථකව බද්ධ කල තවත් සූකර වකුගඩුවත් හොදින් ක්‍රියාත්මකයි..

බොස්ටන් හි පිහිටි Massachusetts General Hospital (MGH) රෝහලේදී සාර්ථකව සූකර වකුගඩුවක් බද්ධ කිරීමෙන් වසරකට පමණ …