දැනට දීර්ඝ කාලයකට පෙරත්, මේ මෑතකදීත් නැවතත් ලැබුන whatsapp පණිවඩයක් හේතුවෙනුයි මෙම ලිපිය පල කරන්න හිතුවේ..
මේ මං කියන මැසේජ් එක පසුගියදා මගේ ජඝමපදුරකතනයට ලැබුනා.. මේ මැසේජ් එක මෙ විදියටම මින් පෙර අවස්ථා කිහිපයකදීත් මට ලැබිල තියෙනවා.. මේ තියෙන්නේ ඒ මැසේජ් එක..
මේ වගේ මැසේජ් එකක් අනිවාර්යයයෙන්ම ඔයාලටත් ලැබිල ඇති.. නොදැනුවත්කම මත ෂෙයාර් කරපු අවස්ථාත් ඇති..
මොකක්ද මේකේ තියෙන වැරැද්ද..???
මේකේ තියෙන විදියට පුද්ගලයන් දෙදෙනෙක් මිය ගිහින් ඒ අයගේ වකුගඩු දන් දෙන්න අයව සොයන්න තමයි මේ මැසේජ් එක යවල තියෙන්නේ.. මෙකේ පලවෙනි වැරැද්ද තමයි දීල තියන දුරකතන අංක, මේවා ශ්‍රී ලංකාව තුල භාවිතා කරන දුරකතන අංක නෙවෙයි කියල දැකපු ගමන් අපිට තේරුම්ගන්න පුළුවන්. මේ අංක විදෙස් රටක කියල අපි හිතුවොත් ,Google වලට අනුව 0098 අංකවලින් පටන් ගන්න දුරකතන අංක තියෙන්නේ ඉරානයේ.. 0095 තියෙන්නේ මියන්මාරයේ.. 0089 අංකයක් මට google වලින් හොයාගන්නත් බැරිවුනා.. ඒ නිසා ඒතනින්ම මේ මැසේජ එක බොරුවක් බව අපිට වැටහෙනවා..
අනිත් විශේෂම දේ තමා රිය අනතුරක් වැනි හේතුවක් මත මොළය මිය ගිය බවට වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කල පුද්ගලයන්ගේ වකුගඩු එම පුද්ගලයා ඉන් පෙර කැමත්ත ලබාදී ඇත්නම් හෝ පවුලේ අයගේ අවසරය මත වෙනත් පුද්ගලයෙකුට බද්ධ කිරීම සිදුකරනවා. ඒ අවස්ථාව අපි Cadaveric Donation ලෙස හදුන්වනවා. නමුත් මේ විදියට මොළය මිය ගිය පුද්ගලයන්ගේ අවයව වෙනත් අවශ්‍ය පුද්ගලයන්ට බද්ධ කිරීම සිදුවන්නේ රෝහල් ජාලය හරහා සිදුවන සන්නිවේදන ක්රියාවලිකිනුයි. මෙවැනි මොළය මිය ගිය පුද්ගලයෙකුගේ අවයව පරිත්‍යාග කිරීම සිදුවන අවස්ථාවන් වලදී එම අවයව බද්ධ කිරීමට අවශ්‍ය පුද්ගලයන් තෝරාගැනීම, ඔවුන්ට දැනුම් දීමහා ඉන්පසුව ශල්‍යකර්මය සිදුකිරීම වගෙ දේවල් රෝහල් පද්ධතිය තුලම සිදුවන දේවල්.මේ විදියට සමාජ මාධ්‍ය හරහා මැසේජ් යවල අවයව බද්ධ කිරීමට අය සොයන්න අවශ්‍යතාවයක් නැහැ වගේම එහෙම හොයල වැඩක් නැහැ..
මේ විදියට සමාජ මාධ්‍ය ඔස්සේ අවයව බද්ධ කිරීමට පුද්ගයන් සෙවීම වැඩක් වෙන්නේ නැත්තේ මොළය මියගිය බවට තහවුරු කල පුද්ගලයෙකුගේ අවයව සුලු කාලයක් ඇතුලත අවයව බද්ධ කරන පුද්ගලයාට බද්ධ කිරීම සිදුකල යුතු වීම නිසයි. ඒ නිසා මේ විදියට මෙසේජ වලින් අවයව බද්ධ කරන්න සුදුසු පුද්ගලයන් සොයා ගැනීම කොහොමත් සිදුවෙන්න බැරි දෙයක්.
ඉතින් ඒ දේ තමයි මට කියන්න ඕන වුනේ.ඔයාල මේ වගේ මැසේජ් අකිනෙකා අතරේ බෙදාගන්නේ තවත් කෙනෙක්ද පිහිට වෙන්න බලාපොරොතත්තුවෙන් තමයි.. හැබැයි එහෙම දෙයක් ෂෙයාර් කරන්න කලින් ඒවල ඇත්ත නැත්තත් අපි පොඩ්ඩක් හොයල බලන්න දැනගන්න ඕන..
මිතිලායා ගමගේ