Breaking News

කුරුණෑගල දරුවෙකුගේ බඩින් සොයාගත් ලොව දිගම ‘ වඳුරඅ පටිපනුවා’

ලොව මෙතෙක් හමුවූ දිගම ‘වඳුරු පටිපණුවා’ කුරුණෑගල දරුවකුගේ බඩෙන් සොයාගනී

ලොව මෙතෙක් හමු වූ දිගම ‘වඳුරු පටිපණුවා’ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අවුරුදු 10ක පිරිමි දරුවකුගේ උදරයෙන් සොයාගත් බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුරංග දොළමුල්ල මහතා “දිනමිණ”ට ඊයේ (27) පැවසීය.

මෙම වඳුරු පටිපණුවා පිළිබඳ තොරතුරු මාස කිහිපයකට පෙර අනාවරණය වූ බවත් වෛද්‍ය පර්යේෂණ ආයතනයට එවූ සාම්පල කිහිපයක් ඔස්සේ සිදු කළ පරීක්ෂණවලදී ලොව මෙතෙක් හමු වූ දිගම වඳුරු පටිපණුවා බවට සාම්පල විශ්ලේෂණයෙන් තහවුරු කර ගත් බවත් ඒ මහතා පැවසුවේය.

මෙම පටිපණුවාගේ බිත්තර බර්ටියෙල්ලා ගණයට අයත් වුවද එහි විශේෂය තහවුරු කර ගැනීම සඳහා අණුක ජීව පරීක්ෂණ ඉදිරියේදී සිදු කරන බවත් මෙම වර්ගයේ පටිපණුවෙක් දිග සෙන්ටිමීටර් 70ක් දක්වා සාමාන්‍යයෙන් වර්ධනය වන්නේ යැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.

දැනට වාර්තා වී ඇති ලොව දිගම බර්ටියෙල්ලා පටිපණුවාගේ දිග සෙන්ටිමීටර් 40ක් බවත් කුරුණෑගලින් පැමිණි පිරිමි දරුවාගේ උදරයෙන් සොයාගත් පටිපණුවාගේ දිග සෙන්ටිමීටර 70ක් බවත් ඒ මහතා පැවසුවේය.

මීට පෙර බර්ටියෙල්ලා පටිපණුවන් මෙරටින් හමු වී ඇතත්, මෙම පටිපණුවා තරම් දිගු නොමැති යැයි ද මෙම පටිපණුවා ශ්‍රී ලංකාවේ පමණක් දක්නට ලැබෙන විශේෂයක් ද යන්න තීරණය කිරීම සඳහා ජාන පරීක්ෂණයකට යොමු කරන්නේ යැයි ද වෛද්‍ය දොළමුල්ල මහතා ප්‍රකාශ කළේය.

මෙම පරීක්ෂණය සිදු කර ඇත්තේ පරපෝෂිතවේදී අංශයේ ප්‍රධාන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ තුෂාරා තන්තිරිගේ මහත්මිය විසින් වන අතර, පරපෝෂිතවේදී අංශයේ අංශ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල මහතාගේ පූර්ණ සහාය මේ සඳහා ලැබී තිබේ.

සන්ධ්‍යා කරුණාරත්න  (Gampola Janamadyawediya ෆේස්බුක් පිටුවෙනි)

About freddy

Check Also

⁣බෝ නොවන රෝග ඇති පුද්ගලයන් වකුගඩු පරික්ෂා කරගැනීම අනිවාර්යයි… 

දිගුකාලීන වකුගඩු රෝගී තත්ත්වයන් හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් පස් දෙනෙකු පමණ මියයාමේ අවදානමක් පවතින බව …