
මෑතකදී සිදුකරන ලද සමීක්ෂණයකට අනුව කුඩා දරුවන් හා නව යොවුන් වියේ තරුණ පිරිස් අතර දියවැඩියා තත්වයන්ගේ සීඝ්‍ර වර්ධනයක් සිදුව ඇති බව හෙලිවී තිබේ.
මේ බව හෙලිවී ඇත්තේ Frontiers of Endocrinology මගින් සිදුකල සමීක්ෂණයකදීය.(www.news-medical.net).
එම සමීක්ෂණය රටවල් ඇතුලු විවිධ ප්‍රදේශ 204ක පමණ කුඩා දරුවන් හා නව යොවුන් වියේ තරුණ පිරිස් සම්බන්ද කරගනිමින් සිදුකර ඇත.
වසර 2019 වන විට ලොවපුරා මිලියන 460 පිරිසක් දියවැඩියාවට ගොදුරු වී සිට ඇති අතර ඒ කාලය වන විට දියවැඩියාව, ලොව සිදුවන මරණ අතුරින් 8වෙනි වැඩම මරණ සංඛ්‍යාවක් සදහා හේතු සාධකය වී ඇත.එමෙන්ම වසර 2045 පමණ වන විට දියවැඩියාවට ගොදුරු වන පිරිස සංඛ්‍යාත්මකව මිලියන 783 ඉක්මවා යනු ඇති බවටද මේ වන විට අනුමාන කෙරේ.ඒ අතරින් වැඩි ප්‍රමාණයක් තරුණ පිරිස් දියවැඩියාට ගොදුරු වනු ඇති බවට අනුමාන කෙරේ.
Frontiers of Endocrinology මගින් සිදුකල සමීක්ෂණයට අනුව 1990 වසරට සාපේක්ෂව 2021 වන විට තරුණ ප්‍රජාව අතර දියවැඩියා තත්වයන් 94%කින් ඉහල ගොස් තිබේ. ඒ අනුව වසර 1990දී ලක්ෂයකට 26ක් පමණ වූ ප්‍රතිශතය 2021 වන විට ලක්ෂයකට 50 පමණ දක්වා ඉහල ගොස් ඇත.
මෙම සංඛ්‍යාලේඛණ වලට අනුව වැඩිම දියවැඩියා රෝගීන් ප්‍රමණයක් වාර්තා වී ඇත්තේ නැගෙනහිරි ආසියාව, උතුරු අප්‍රිකාව හා මැදපෙරදිග ප්‍රදේශවලිනි. එක් රටක් වශයෙන් ගත් කල ලොව වැඩිම ජනගහනයක් සිටින ඉන්දියාවෙන් හා චීනයෙන් එක් රටකින් වාර්තා වන වැඩිම දියවැඩියා රෝගීන් ප්‍රමාණය වාර්තා වී තිබේ.
තරුණ ප්‍රජාව අතුරින් වයස අවුරුදු 15 – 19 අතර පිරිසෙන් වැඩිම දියවැඩියා රෝගීන් ප්‍රමාණයක් වාර්තා වීම විශේෂත්වයකි.එමෙන්ම වයස අවුරුදු 10 – 14 අතර දියවැඩියා රෝගීන්ගේද සැලකියයුතු වර්ධනයක් දැකිය හැකි බව මෙම සමීක්ෂණ වලින් වැඩිදුරටත් හෙලිවී තිබේ.
මෙලෙස වාර්තා වන දියවැඩියා රොගීන්ගෙන් වැඩි පිරිසක් Type 2 Diabetes වර්ගයේ දියවැඩියා තත්වය වැලදුන පුද්ගලයන්ය.
කෙසේ වෙතත් දියවැඩියා රෝගීන්ගේ වැඩි වීමක් ඉදිරි වර්ෂ වලදී අපේක්ෂා කෙරුණද දියවැඩියාට හේතුවෙන් සිදුවන මරණ වල අඩු වීමක්ද සිදුවන බව මෙම සමීක්ෂණයේදීම හෙලිවී තිබීමද විශේෂත්වයකි.

(මුලාශ්‍රය – https://www.news-medical.net/news/20250912/Diabetes-cases-nearly-double-in-children-and-teens-worldwide.aspx)
kidneyinfolk To educate people on kidney related issues.