
වකුගඩු කාන්දු පෙරණයට අවශ්‍ය ‘AVF needle’ (එන්නත් කටු) රජයේ සහ පෞද්ගලික රෝහල්වල ද නොමැතිවීමෙන් වකුගඩු කාන්දු පෙරණය, දෛනිකව අපේක්ෂාවෙන් පසුවන රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරට ලක්ව ඇතැයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
වකුගඩු රෝගීන්ට ලබාදෙන ඖෂධ එන්නත් සහ එන්නත් කටු හිඟ තත්ත්වය හෝ නොමැති තත්ත්වය මාස කීපයක සිට රෝහල් පද්ධතියේ දක්නට ලැබෙන බවත් තත්ත්වය උග්‍රව පැවතියත් සෞඛ්‍ය බලධාරීන් ඒ සඳහා ප්‍රමාණවත් සහ කාර්යක්ෂම තීරණ නොගැනීම දැඩි කනගාටුදායක තත්ත්වයක් බවත් වෛද්‍යවරයා පැවසීය.
මේ පිළිබඳව අදහස් දක්වමින් වකුගඩු රෝගීන් පිරිසක් සඳහන් කළේ මුදල් දී මිලදී ගැනීමට හෝ ෆාමසිවල ද මෙම එන්නත් කටු නොමැති බවය. මෙම එන්නත් කටු සොයා තම ඥාතීන්ට දවස තිස්සේ ෆාමසිල ඇවිදීමට සිදුව ඇතැයි ද ඔවුහු දැඩි හැඟීම්බරව පැවසූහ.
පවතින තත්ත්වය යටතේ කල් ඇතිව පුරෝකථනය කර වැඩි සමාගම් ප්‍රමාණයකට ඇනවුම් ඉදිරිපත් කිරීමට හැකිවන ලෙස වෛද්‍ය සැපයුම් ක්‍රියාවලිය කාර්යක්ෂම කර ගැනීමට මේ දක්වා බලධාරීන් අසමත්වීම නිසා දිවයිනේ රෝහල් රැසක විවිධ ඖෂධ, ශල්‍ය ගෝස්, පුළුන්, රසායනාගාර පරීක්ෂණ සේවා, විකිරණ තාක්ෂණ සේවා බිඳ වැටීමට ලක්වීමෙන් රෝගීන් පීඩාවට ලක්ව ඇතැයි ද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් පැවසීය.
සුජීව තත්සර (Divaina)
kidneyinfolk To educate people on kidney related issues.