
මෙරට ජීවත්වන වකුගඩු රෝගීන් සම්බන්දයෙන් වන භායනක අනාවරණයක් වෛද්‍ය අර්ජුන මාරසිංහ මහතා විසින් සිදුකර ඇත.
ජාතික වකුගඩු රෝග, රුධිර කාන්දුකරන සහ බද්ධ කිරීමේ ආයතනයේ විශේෂඥ වෛද්‍යවරයෙකු වශයෙන් ඒ මහතා පෙන්වා දී ඇත්තේ මෙරට ජීවත්වන වකුගඩු රෝගීන්ගෙන් 10% පමණ ප්‍රමාණයක් තමන්ට එම රෝගී තත්වය ඇති බව නොදන්නා බවයි.
මේ සම්බන්දයයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසන්නේ අධිරුධිර පීඩනය හා දියවැඩියාව නිසි ආකාරයෙන් පාලනය කරගත නොහැකි රෝගීන්ට වකුගඩු රෝග වැලඳීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බවයි.
එමෙන්ම වකුගඩු රෝගයේ ස්වභාවය අනුව රෝගය උත්සන්න වනතුරු රෝග ලක්ෂණ නොපෙන්වීම හේතුවෙන් රෝගය උත්සන්තත්වයට පත්වන තුරු හඳුනාගැනීමට නොහැකි වීමද මෙලෙසද රෝගීන් මූලික අවදියේදී හඳුනාගැනීමට නොහැකි වීමට හේතු වී ඇත. එම නිසා කොලෙස්ටරෝල්, දියවැඩියාව වැනි රෝගී තත්වයන්ගෙන් පෙලෙන පුද්ගලයන් නිරන්තතරයෙන් තමන්ගේ වකුගඩු පරික්ෂා කරගන්නා ලෙසටද වෛද්‍යවරයා ජනතාවට උපදෙස් දී ඇත.එලෙස රෝගිය මූලික අවධියේදී හදුනාගන්නේ නම් ඉන් පසු ඇති විය හැකි සංකූලතා පාලනය කරගැනීමට එය උදව්වන බවද වෛද්‍යවරයා පවසා ඇත.
(Newsfirst.lk English ඇසුරිණි)
kidneyinfolk To educate people on kidney related issues.