මේ දිනවල දිවයිනේ දකුණු පළාතේ පැතිර යන මාරන්තික වෛරසය “ඉන්ෆලුවන්සා ඒ” වෛරසය වශයෙන් හදුනාගැනීමට හැකිවූ බව සෞඛ්‍ය බලධාරීන් පවසයි. පසුගිය සති තුනක කාලය තුල මෙම වෛරසය හේතුවෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර ඉන් වැඩි දෙනෙක් කුඩා දරුවන් විය.
මැයි මස 21 වනදා සිට මැයි 30 වනදා දක්වා කාලය තුල පමණක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1068ක්,මාතර දිස්ත්‍රික්කයෙන් රොගීන් 744ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් රොගීන් 500ක් වාර්ථා විය.
මේ සම්බන්දයෙන් අදහස් දක්මින් ජාතික ඉන්ෆලුවන්සා මධ්‍යස්ථානයේ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කර ඇත්තේ පසුගිය මාසයක පමණ කාලය තුල කරාපිටිය ඇතුළු රෝහල් වලින් කුඩා දරුවන්ගේ රුධිර සාම්පල 159ක්පරික්ෂාවට ලක්කිරීමෙන් අනතුරුව මෙම වෛරසය ඉන්ෆ්ලුවන්සා ඒ ලෙස හදුනාගත් බවයි. එලෙසම මෙම වෛරසය නව වෛරසයක් නොවන බවත් ඒ මහතා සදහන් කර ඇත.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක අනිල් ජාසිංහ මහතාද මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් සදහන් කර ඇත්තේ එම වසංගත තත්වයේ උපරිමය දකුණු පළාතෙන් වාර්තාවී මේ වන විට එම තත්වය පහවෙමින් පවතින බවයි. එලෙසම මේ ආකාරයේ ඉන්ෆ්ලුවන්සා වෛරස් තත්වයන් සෑම වසරකම පාහේ අඩු හෝ වැඩි වශයෙන් පතිර යන බවත් ඒ මහතා සදහන් කලේය. එලෙසම මෙවැනි තත්වයන් සදහා විටින් විට එන්තත් කරන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම විද්‍යාත්මක නොවන බව විශේෂඥ වෛද්‍යවරුන් විසින් තමන්හට දන්වා ඇති බැවින් ඉදිරියේදී මෙම එන්නත මෙවැනි වසංගත අවස්ථාවන් වල භාවිතා කිරීමේ ඇති විද්‍යාත්මක පදනම සොයැබැලීම සදහා වන කමිටුවක් පත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා සදහන් කලේය.
මෙම වෙරසය බෝවන ආකාරය පහදා දෙමින් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා සදහන් කලේ මෙය සුළගින් බෝවන ආකාරයේ වෛසරයක් බවයි. ඒ නිසා මෙම වෛරසය ශරීරගත වූ පුද්ගලයෙකුගේ කිවිසුම් යාම,කැස්ස මගින් මෙය තවත් පුද්ගලයෙකුට වැලදිය හැකි බවයි. එලෙසම රෝගී පුද්ගලයෙකු සමග මීටරයක පමණ දුරින් සිට කථා කලත් මෙය බෝවීමේ හැකියාවක් ඇති බවද ඒ මහතා සදහන් කලේය.එලෙසම මෙම වෛරසය බෝවීමෙන් ආරක්ෂා වීම සදහා එක් පියවරක් වශයෙන් පුරුද්දක් වශයෙන් සබන්ගා අත්සේදීම කල යුතු බවත්, දිනයක් තුල ඔබ භාවිතා කරන්නේ එක් ලේන්සුවක් පමණක් නම්ද මෙම වෛසරය බෝවීමේ වැඩි හැකියාවක් ඇති බවත් වෛද්‍ය සමිත ගිනිගේ මහතා සදහන් කලේය.