අවයව බද්ධ කිරීමේ ඉතිහාසය ගැන වෙනම ලිපියක් ලියන අතරේ මට හිතුනා අවයව බද්ධ කිරීමේ විකාශය සිදු වෙලා තියෙන්නේ කොහොමද කියල හොයල බලන්න. අන්තර්ජාලයෙන් මට ලැබුණ තොරතුරු වලට අනුව මේ විදියට තමයි අවයව හා පටක බද්ධකිරීමේ ඉතිහාසය.
1668 | වාර්ථා පොත් වල සටහන්ව ඇති පළමු සාර්ථාක බද්ධ කිරීම. මෙහිදී සිදුව ඇත්තේ අස්ථි බද්ධ කිරීමක් වන අතර සුනඛයෙකුගේ හිස් කබලේ අස්ථි කොටසක් මිනිසෙකුගේ හිසේ පිටුපස අස්ථි කොටසකට බද්ධ කර ඇත. |
1674 | අස්ථි පද්ධතිය සම්බන්දයෙන් ප්‍රථම විස්තරාත්මක පැහැදිලි කිරීම ඉදිරිපත් කර ඇත. ඔහු නමින් Antoni van Leeuwenhock ය. |
1822 | ප්‍රථම සම් බද්ධ කිරීම සිදුව ඇත්තේ මෙම වසරේ වන අතර එහිදී පුද්ගලයෙකුගේ සමෙන් ලබාගත් කොටසක් ඔහුගේම සිරුරේ වෙනත් ස්ථානයකට බද්ධ කර ඇත. මෙම අවස්ථාව වෛද්‍ය විද්‍යාවේදී autograft ලෙස හදුන්වනු ලැබේ.
|
1867 | ප්‍රංශ ජාතිකයෙකු වන L. Ollier විසින් එක් පුද්ගලයෙකුගේ අස්ථියක් එම පුද්ගලයාගේම සිරුරේ තවත් කොටසකට බද්ධ කිරීම හෙවත් bone autografts සිදුකල හැකි බවට නිබන්ධනයක් ඉදරිපත් කර ඇත. |
1868 | ස්විස් ජාතික ශල්‍ය වෛද්‍යවරයෙකු වන Jacques Louis Reverdin විසින් එක් පුද්ගලයෙකුගේ සමේ කොටසක් වෙනත් පුද්ලයෙකුගේ සමට බද්ධ කිරීම සිදුකර ඇත.මෙවැනි බද්ධ කිරීම් allograft ලෙස හදුන්වනු ලැබේ. |
1880 | ස්වීඩන් ජාතික වෛද්‍යවරුයකු විසින් පළමු අස්ථි බද්ධ කිරීම සිදුකර ඇත. මෙහිදී autograft වර්ගයේ අස්ථි බද්ධ කිරීමක් සිදුකර ඇත.එනම් ඒ පුද්ගලයාගේම අස්ථිකොටසක් ඔහුටම බද්ධ කිරීමයි. |
1906 | ප්‍රථම ඇස් කාච බද්ධ කිරීම සිදුකර ඇත. |
1908 | මියගිය පුද්ගලයෙකුගෙන් ලබාගත් දණහිස් සන්ධියක් සාර්ථකව බද්ධ කිරීමේ ප්‍රථම ශල්‍යකර්මය සිදුකර ඇත. (cadaveric knee joint transplant) |
1911 | බිදී ගිය ධමනි කොටසක් පිලිසකර කිරීම සදහා ශිරාවක කොටසක් බද්ධ කිරීම සිදුකර ඇත. |
1915 | F.H. Albee විසින් අස්ථි බද්ධ කිරීමපිළ බිදව සවිස්තරාත්ම ලිපි ඉදිරිපත් කර ඇත. මෙම ලිපි අස්ථි බද්ධ කිරීමේ සැත්කම් සදහා විශාල බලපෑමක් සිදුකර ඇත. |
1949 | ඇමරිකානු නාවික හමුදාව විසින් ලොව පළමු පටක බැංකුව ආරම්භ කර ඇත. |
1954 | පළමු වකුගඩු බද්ධ කිරීම සිදුකර ඇත. මෙහිදී සහෝදරයන් අතර වකුගඩු බද්ධ කිරීම සිදුකර ඇත. |
1955 | පුද්ගලයෙකුගේ හදවතින් ලබාගත් පටක කොටසක් වෙනත් පුද්ගලයෙකුගේ සංස්ථානික මහා ධමනියේ කොටසකට බද්ධ කිරීම |
1956 | ශිරාවකින් ලබාගත් තොටසක් කළව ප්‍රදේශයේ bypass සැත්කමක් සදහා භාවිතා කිරීම |
1962 | පළමු හදවත් කපාට බද්ධය |
1963 | පළමු අක්මා බද්ධය |
1964 | පළමු පෙනහළු බද්ධය |
1967 | පළමු හදවත් බද්ධය |
1968 | අවයව බද්ධ කිරීම සදහා වන පළමු ව්‍යවස්ථාමය යෝජනාව ඉදිරිපත් කිරීම |
1968 | මොළය මිය යාම සම්බන්දයෙන් වන ප්‍රථම අර්ථ දැක්වීම ඉදිරිපත් වීම. (ස්නායු මත පදනම්ව මෙම අර්ථ දැක්වීම සිදුකර ඇත.) |
1969 | පළමු අග්න්‍යාශ බද්ධය |
1970s | ශීත කල හදවත් කපාට මුලින්ම භාවිතා කිරීම ( cryopreserved (frozen) heart valves) – මෙසේ අවයව හෝ පටක ශීත කිරීඹ සදහා ද්‍රව නයිට්රජන් භාවිතා කරනු ලැබේ. |
1972 | ශීත කල මිනිස් සමේ පටක වෙනත් රෝගීන්ට බද්ධ කිරීම ඇරඹීම |
1973 | ශීත කල ශීරා පටකයන් භාවිතා කිරීම |
1976 | පටක බැංකු පිළිබඳ ඇමරිකානු සංගමය ආරම්භ වීම |
1978 | ප්‍රධාන ප්‍රතිශක්තිය හීන කරන ඖෂධයක් වක සයික්ලොස්පෝරින් හදුන්වා දීම ( Cyclosporin) |
1989 | ඇමරිකාව තුල පමණක් පටන බද්ධ කිරීම් 200,000ක් සිදුකිරීම |
1996 | ඇමරිකාව තුල පමණක් පටන බද්ධ කිරීම් 500,000 සිදුකිරීම |
2000 | වන විට ඇමරිකාව තුල පමණක් අවයව බද්ධ කිරීම සදහා රෝගීන් 112,000ක් ලැයිස්තු ගතවී සිටි අතර මිලියනයක පමණ රෝගීන් පිරිසක් පටක බද්ධ කිරීම සදහා ලැයිස්තු ගතව සිය ඇත. |
2005 | සාර්ථක ලෙස මුහුණේ කොටසක් බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සිදුකිරීම. මෙම ශල්‍යකර්මය සිදුකර ඇත්තේ ප්‍රංශයේදීය. |
2006 | ප්‍රථම හකු බද්ධ කිරීම සිදු කර ඇත. මෙම ශල්‍යකර්මයේදී හකු අස්ථිය වෙනත් දායක පුද්ගලයෙකුගෙන් ලබාගෙන ඇති අතර ඇටමිදුළු පටකය රෝගියාගෙන්ම ලබාගෙන ඇත. |
2008 | අත් දෙකක් සාර්ථකව බද්ධ කල ප්‍රථම ශල්‍යකර්මය ජර්මනියේදී සිදුකර ඇත. |
2008 | බද්ධ කරන ලද ඩිම්බයක් මගින් සිදුවූ ප්‍රථම දරු උපත වාර්ථා විය. |
2008 | රෝගියාගේම සෛල යොදාගනිමින් ස්වාසනාල බද්ධයක් සිදුකිරීම. ස්පාඤ්ඤයේදි මෙම ශල්‍යකර්මය සිදුකර ඇත. |
2008 | මුහුණේ කොටස් වලින් 80%ක පමණ ප්‍රමාණයක් සාර්ථකව බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදුකිරීම |
2010 | සම්පූරණ මුහුණක් බද්ධ කිරිමේ පළමු සාර්ථක ශල්‍යකර්මය ,මෙයද සිදුකර ඇත්තේ ස්පාඤ්ඤයේදිය. |
2011 | ප්‍රථම සාර්ථක කකුල් බද්ධ කිරීම. මෙහිදී කකුල් දෙකම බද්ධ කිරීම සිදුකර ඇත |