Breaking News

‘සුරකින්න තව වටිනා ජීවිතයක්, කැමැත්ත දෙමු දන් දෙන්නට වකුගඩුවක්’

kidney-transplant-250x250වකුගඩුවක් පරිත්‍යාග කිරීම සදහා වන නව කාඩ්පතක් හදුන්වා දීමට රජය කටයුතු කර තිබේ.

‘සුරකින්න තව වටිනා ජීවිතයක්, කැමැත්ත දෙමු දන් දෙන්නට වකුගඩුවක්’ යන තේමාව යටතේ ජීවිතයක් බේරාගැනීමට වකුගඩුවක් පරිත්‍යාග කිරීමේ නව ජාතික ප්‍රතිපත්තිය හදුන්වා දෙමින් ඒ සඳහා වන කාඩ් පත හඳුන්වා දී ඇත.

ගිය වසරේ මාර්තු 10 දිනට යෙදුන  ලෝක වකුගඩු දිනයට සමගාමීව මෙම හදුන්වාදීම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාලගේ ප්‍රධානත්වයෙන්   සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ දී  සිදුවු තිබුණි.

මෙහි ඇති සුවිශේෂිත්වය වන්නේ  කිසියම් අනතුරකින් මොළය මියගිය තැනැත්තන්ගෙන් වකුගඩු ලබාගැනීමේ ක්‍රමවේදය බව රජය කියා සිටි.

ඕනෑම පුද්ගලයකුට කැමැත්ත පළ කරමින් මේ පරිත්‍යාගයට දායක විය හැකි අතර  මෙය ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ක්‍රියාත්මක ජාතික වැඩසටහනක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය එදා අවධාරණය කර සිටි.

 

About freddy

Check Also

අවයව බද්ධ කිරීමට පෙරත් පසුත් දන්ත සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි?

අවයව බද්ධ කිරීමක් සිදුකරන්න අවශ්‍යයැයි වෛද්‍යවරුන් විසින් තීරණය කලායින් පස්සේ,එම ශල්‍යකර්මය සිදුකිරීමට අවශ්‍ය යෝග්‍ය තත්වයක …