වකුගඩුව කියන්නේ මොකක්ද?
වකුගඩු කියන්නේ අප ශරීරයේ පිහිටා ඇති බෝංචි බීජ හැඩැති ඉන්ද්‍රීයන් යුගලක්.
මිනිසාගේ ශරීරයේ වකුගඩු පිහිටා ඇත්තේ කොතනද?
උදර කුහරයේ ඉහළට වන්නට කොදු ඇටපෙලට දෙපසින් යුගලක් වශයෙන් තමයි වකුගඩු පිහිටා තියෙන්නේ. වම් වකුගඩුවට සාපේක්ෂව දකුණු වකුගඩු ප්‍රමාණයෙන් කුඩා වන අතර මදක් පහළින් තමයි පිහිටා තියෙන්නේ. ඒකට හේතුව තමයි අප ශරීරයේ අක්මාව පිහිටා තියෙන්නේ දකුණු පස වීම. අක්මාවට අවශය ඉඩ සසන්න තමයි දකුණු වකුගඩුව ප්‍රමාණයෙන් කුඩා වෙලා පහලින් පිහිටා තියෙන්නේ.
වකුගඩු වලින් කෙරෙන්නේ මොකක්ද?
අපගේ සම්පූර්ණ ශරීරයේ සමස්තිථිය පවත්වා ගැනීම සදහා වකගඩු වලින් කෙරෙන්නේ විශාල කාර්යයක්. අම්ල-භෂ්ම සමතුලිතතාවය යාමනය කිරීම, ශරීරයේ ලවණ සාන්ද්‍රණය පාලනය , සෛලීය පරිසරයෙන් පිටත පවතින ජලප්‍රමාණය පාලනය හා අධිකරුධිර පීඩනය පාලනය මගින් තමයි වකගඩු ශරීරයේ සමස්තිථිය පාලනය සදහා ක්‍රියා කරන්නේ.
ඊට අමතරව ප්‍රධාන වශයෙන්ම පහත සදහන් කාර්ය්යන්ද අපගේ වකුගඩු මගින් සිදුවෙනවා.
- අපද්‍රව්‍ය ශරීරයෙන් බැහැර කිරීම – විශ ද්‍රව්‍ය,අමතර ලවණ වර්ග හා යූරියා ප්‍රධාන වශයෙන්ම ශරීරයෙන් ඉවත් කිරීම
- ශරීරය තුල ජල ප්‍රමාණය පාලනය – අප ශරීරයට ලබා ගන්නා ජල ප්‍රමාණය අඩු වීම හෝ වැඩි වීම අනුව වකුගඩු මගින් මුත්‍රා ලෙස පිටකරන ජල ප්‍රමාණය පාලනය කිරීම සිදුවෙනවා.
- අධි රුධිර පීඩනය පාලනය – වකුගඩුව හරහා සිදුවන රුධිරය පෙරීම පාලනය සදහා රුධිරයට නියත පීඩනයක් අවශ්‍යයි. රුධිරයේ පීඩනය අඩු වන විට එය අවශ්‍ය මට්ටමට වැඩි කිරීම.
- රතු රුධිර සෛල යාමනය – රතු රුධිර සෛල නිපදවීමට අවශ්‍යවන වකුගඩු වලින් නිපදවෙන එරිත්රොපොයිටීන් ස්රාවය කිරීම මගින් ශරීරය තුල රතු රුධිර සෛල ප්‍රමාණය යාමනය කිරීම.
- අම්ල ප්‍රාලනය – ශරීරයේ සිදුවන පරිවෘතීය ක්‍රියාවලින් හා අප ගන්නා ආහාර මගින් ශරීරයේ එක් රැස් වන අම්ල ප්‍රමාණය ශරීරයේ සමස්තිථිය පවත්වාගැනීමට හානියක් නොවන මට්ටමක පවත්වා ගැනීම.
වැනි ක්‍රියාවලීන් රාශියක් අපේ වකුගඩුු මගින් සිදුවෙනවා. යම් කිසි හේතුවක් මත අපේ වකුගඩු දුර්වලවීමට පටන්ගතහොත් ඉහතින් සදහන් කල කාර්යයන් නිසි පරිදි වකගඩු මගින් ඉටු නොවීම නිසා විවිධාකාරයේ අපහසුතාවයන්ට මුහුණදීමට අපට සිදුවෙනවා.
මූලාශ්‍ර – http://www.healthline.com
https://en.wikipedia.org