වකුගඩු වලින් ශරීරයට සිදුවන කාර්‍යභාරය සිදුකරන්නේ වකුගඩු සෑදී ඇති වෘක්කානු වලින්. එම වෘක්කානු වල ක්‍රියාකාරීත්වය අඩුවීම හෝ අහිමි වීම නිසා වකුගඩු වල ක්‍රියාකාරීත්වය අඩු වීම හෝ නතර වීම වකුගඩු රෝගයක් වශයෙන් හදුන්වන්න පුළුවන්. වකුගඩු රෝගයක් කල් තියා හදුනාගැනීමේ රෝග ලක්ෂණ පිලිබදව අපි වෙනත් ලිපියක් මගින් අවධානය යොමු කොට ඇති නිසා මෙහිදී ඒ සම්බන්දයෙන් කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ.
වකුගඩුවේ ක්‍රියාකාරීත්වයට හානි සිදුවන ආකාරය පිලිබදව සදකා වකුගඩු රෝගී තත්වයන් දෙකක් පිලිබදව අපට ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්න පුළුවන්.
- තාවකාලික වකුගඩු අකරණිය (Acute Kidney Injury)
- දීර්ඝකාලීන වකුගඩු අකරණිය (Chronic Kidney Injury)
- පූර්ණ වකුගඩු අකරණිය
තාවකාලික වකුගඩු අකරණිය.
සර්ප විශ,දීර්ඝකාලයක් තිස්සේ වේදනානාෂක භාවිතා කිරිම, ඩෙංගු උණ,මී උණ, මුත්‍රාවාහිනී වල ඇතිවන අවහිරතාවයන් නිසා මුත්‍රා නිසි පරිදි වකුගඩුවෙන් ඉවත් නොවීම, වකුගඩුව සිදුවන විවිධ ආසාදන, වකුගඩුව වෙත පැමිණෙන රුධිර ප්‍රමාණය අඩු වීම, බහිස්ස්‍රාවී පද්ධතිය ආශ්‍රිතව ඇතිවන්නාවු පිලිකා තත්වයන් වැනි හේතු නිසාවෙන් තාවකාලික වකුගඩු අකරණිය ඇති වෙන්න පුළුවන්.
මෙහිදී සිදු වෙන්නේ වකුගඩුවේ ක්‍රියාකාරීත්වය තාවකාලිකව අඩු වීම. මෙය සාමාන්‍යයෙන් නිසි වෛද්‍ය ප්‍රතිකාර මගින් සුවකල හැකි තත්වයක්. වකුගඩුවේ ක්‍රියාකාරීත්වය පෙර පැවැති තත්වයටම ඇතැම්විට පත් කල නොහැකි වූවත් පෙර පැවැති සාමාන්‍ය තත්වයට ආසන්න අගයට ආසන්න තත්වයකට පත්කිරීමේ හැකියාව පවතිනවා.
දීර්ඝකාලීන වකුගඩු අකරණිය.
මෙම තත්වය නිට්ටාවටම සුවකල නොහැකි තත්වයක්.නමුත් දීර්ඝකාලීන ඖෂධ ප්‍රතිකාර මගින් මෙම තත්වය පූර්ණ වකුගඩු අකරණිය දක්වා උත්සන්න වීමට ගතවන කාලය දීර්ඝකිරීම පමණක් කල හැකියි.
පූර්ණ වකුගඩු අකරණිය
මෙම තත්වයේදී ඩයලයිසිස් ප්‍රතිකාරය වෙත යොමු වීම හා වකුගඩු බද්ධයක් සිදුකිරීම කල යුතු වෙනවා.