අධික තරබාරුව හා වකුගඩු රෝග අතර ඇති සම්බන්දතාවය.

obesity-global-epidemic-fb

2014 වසර වන විට ලෝකය පුරා අධික තරබාරුවෙන් පෙලෙන පුද්ගලයන් මිලියන 600ක පමණ වාර්ථා වී ඇති අතර. මේ වන විට මෙම සංඛ්‍යාවන් මීටත් වඩා වැඩි වී ඇති බව නොඅනුමානයි. අධික තරබාරුතත්වය විශාල රෝග ප්‍රමාණයක් ඔබ වෙත නොමිලේම හිමිකරදීමේ හැකියාව ඇති තත්වයක්.

නමුත් අධික තරබාරුතත්වය ඉතාමත් නිවැරදි ආහාර පුරුදු,ව්‍යායාම වැනි දේවල් වලින් පාලනය කල හැකි නිසා එමගින් ඇති වන රෝගී තත්වයන් ඇති වන ප්‍රමාණය පාලනය කල හැකියි.

අධික තරබාරු තත්වය හා වකුගඩු රෝග අතර ඇති සම්බන්දතාවය


අධික තරබාරුකම නිසා ඇතිවන දියවැඩියාව හා අධි රුධිර පීඩනය වැනි තත්වයන් වකුගඩු රෝග ඇතිවීමේ ප්‍රධානතම හේතුවලින් දෙකක් වීම සැලකිය යුතු කරුණක්. ලෝක පුරා කරන ලද සමීක්ෂණ වලින් තරබාරුව හා එම තත්වයන් වකුගඩු රෝගී තතවයන් වර්ධනය වීමට බලපාන බව සොයාගෙන තිබෙනවා. තවත් ආකාර වලින් තරුබාරුකම වකුගඩු රෝගයන් ඇති කිරීමට හේතුවන බව විද්‍යාඥයින් විසින් විශ්වාස කලත් මේ වන විට එයට නිවැරදි ලෙස ගැලපෛන හේතුවක් සොයා ගැනීමට හැකියාව ලැබී නැහැ.

මෙම තත්වය වකුගඩු වල ක්‍රියාකාරීත්වය දුර්වල කිරීමට මෙන්ම රුධිර සංසරණ පද්ධතියේ හා ශරීර පරිවෘතීය ක්‍රියාවන් වල අසමතුලිතතාවයන් ඇති කිරීමට මෙන්ම රෝගී තත්වයන් ඇති කරන්නත් හේතු වෙනවා.තරබාරු තත්වයන් මගින් වකුගඩු වෙත ඇති කරන බලපෑම් ඇතැම් විට වකුගඩු වල පිළිකා තත්වයක් දක්වා වර්ධනව වීමේ හැකියාවක්ද පවතින බවයි පරීක්ෂණ වලින් හෙලිවී ඇත්තේ.

මේ සම්බන්දයෙන් පරීක්ෂණ කරන පිරිස් පවසන්නේ අධික තරබාරුකම මේ වනවිට ලෝකය පුරා වසංගතයක් බවට පත්ව ඇති බවයි. ඒ නිසා නිසැකවම පාලනය කර ගත හැකි තත්වයක් වන තරබාරුව නිසි ලෙස පාලනය කරමින් ඒ හරහා ඇති විය හැකි මාරාන්තික රෝගී තත්වයන්ගෙන් වැලකීමට අපි වගබලාගත යුතුයි.

About freddy

Check Also

2024 ලෝක වකුගඩු දිනය : වකුගඩු දන්දීමේ වැදගත්කම

වකුගඩු වල ක්‍රියාකාරීත්වය අකර්මන්‍ය වීමත් සමඟ ඇති වන රෝගී තත්වයන් මේ වන විට ලොව පුරා …