මැරතන් ධාවනය වකුගඩු වලට හානිකර බව හෙලිවේ..

සාමාන්‍යයෙන් මැරතන් තරගකරුවෙකු වැඩිපුර අවධානය යොමු කරන්නේ කකුල් ,මාංශපේෂීන් , ශරීරයේ ශක්තිය වැනි කාරණා වලටයි.නමුත් මෑතකදී කල පරීක්ෂණයක ප්‍රථිළුලයක් වශයෙන් මැරතන් තරගයකින් පසු එම ධාවකයාට කෙටි කාලීන වකුගඩු රෝගී තතවයක් ඇති වන බවට සොයාගනෙ තිබෙනවා. ඒ යාලේ විශ්වවිද්‍යාලයේ වෛද්‍යවිදයාව පිලිබද මහාචාර්‍ය වෛද්‍ය චිරාග් පරීක් මහතා ඇතුළු කණඩායම විසින් සිදුකල පරීක්ෂණයකදීයි.

tChf7j

මැරතන් ධාවකයන් 22 ක් යොදාගෙන කරන ලද පරීක්ෂණයකදී ඉන් 82%ක් තරගයෙන් පසු තාවකාලික වකුගඩු අකරණි තතවයකට පත්වන බව මේ පරීක්ෂණයේදී හෙලිවී තිබෙනවා. මෙම තත්වය ඇතිවීමට හේතූන් වශයෙන් ඔවුන් පෙනවා දෙන්නේ එම කාලයතුල ශරීර උශ්ණත්වය ඉහල යාම,විජලනය හා මාංශපේශීන් හා සම වෙත වැඩි රුධිර සැපයුමක් ශරීරයෙන් ලබා දීම නිසා වකුගඩුව වෙත පැමිණෙන රුධිර ප්‍රමාණය අඩුවීමයි.කෙසේ වෙතත් වෛද්‍යවරුන් පවසන්නේ මෙය තාවකාලික තත්වයක් වන නිසා දින දෙකක පමණ කාලයකදී වකුගඩුව නැවතත් යථාතත්වයට පත්වන බවයි.
මින් පෙර 2011 වසරේදී කරන ලද පරීක්ෂණයකින්ද මේ ප්‍රථිඵල සනාථ වී තිබෙනවා. මැරතන් ධාවන තරගයකින් පසු ක්‍රීඩකයන්ගේන ලබාගත් රුධිර හා මුත්‍රා සාම්පල මගින් මෙම වකුගඩු අකරණි තත්වය පැහැදිලි වන බවයි වෛද්‍යවරුන් පවසන්නේ.
මෙම තාවකාලික වකුගඩු අකරණි තත්වය දීර්ඝකාලීන අකරණි තත්වයකට පත්විය හැකිද?
මේ පිලිබදව නිසැක පිලිතුරක් ලබාදීමට මේ වන තෙක් වෛද්‍යවරුන්ට හැකි වී නැහැ. ඔවුන් පවසන්නේ මේ සම්බන්දයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කල යුතු බවයි. වකුගඩු රෝගයන් පිලිබදව පවුල් ඉතිහාසයක් ඇත්නම් මැරතන් ධාවනයේදී සැලකිලිමත් වීම හා තමාගේ වෛද්‍යවරයා ඒ පිලිබදව දැනුවත් කර තිබීම වැදගත් බවයි වෛද්‍යවරුන් පවසන්නේ.එලෙසම කෙටි කාල පරතරයක් ඇතුලත මැරතන් තරග වලට දිගින් දිගටම සහභාගී වීම පිලිබදවත් සැලකිලිමත් විය යුතු බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

 

මූලාශ්‍රය – https://medlineplus.gov/news/fullstory_164324.html

About freddy

Check Also

2024 ලෝක වකුගඩු දිනය : වකුගඩු දන්දීමේ වැදගත්කම

වකුගඩු වල ක්‍රියාකාරීත්වය අකර්මන්‍ය වීමත් සමඟ ඇති වන රෝගී තත්වයන් මේ වන විට ලොව පුරා …