වකුගඩු බද්ධ කිරීම යනු ?

kidneytransplantdonor-8col

වකුගඩුවල ක්‍රියාකාරීත්වය සම්පූර්ණ වශයෙන් හෝ බොහෝ අඩුවූ පුද්ගලයෙකුට ඩයලයිසිස් කිරීමට අමතරව ඇති විසදුම ලෙස වකුගඩු බද්ධ කිරීම සරල ලෙස හදුන්වන්න පුළුවන්.

“වකුගඩු බද්ධ කිරීම” කියන්නේ මොකක්ද?
වකුගඩුවල ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම පාහේ අහිමි වූ පුද්ගලයෙකුට වෙනත් නිරෝගී පුද්ගලයෙකුගේ නිරෝගී හා ගැලපෙන (මොලය මියගිය පුද්ගලයන්ගේ වකුගඩු බද්ධ කිරීමේ හැකියාවද දැන් පවතිනවා. ඒ ගැන පසුව කථාකරමු.) වකුගඩුවක් ශල්‍යකර්මයක් මගින් බද්ධ කිරීම වකුගඩු බද්ධ කිරීමක් වශයෙන් සරලව හදුන්වන්න පුළුවන්.

වකුගඩුවල ක්‍රියාකාරීත්වය සැලකියයුතු ප්‍රමාණයෙන් හෝ සම්පූර්ණයෙන් අහිමි වූ විට එවැනි රෝගීන් ඩයලයිසිස් ප්‍රතිකාරය සදහා යොමු කෙරුණත් වකුගඩු බද්ධ කිරීමකින් පසු ඩයලයිසිස් කිරීමකින් තොරවම සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමේ හැකියාව පවතිනවා. රැකියාව,පාසල්යාම හා වෙනත් දේ මෙන්ම සිදුකරමින් සාමාන්‍ය ජීවිතයක් ගතකිරීමේ හැකියාව වකුගඩු බද්ධ කිරීමෙන් පසු ඔබට හිමිවෙනවා.  වකුගඩු බද්ධ කිරීමකට පෙර මුහුණ දෙන ආහාර වර්ග පාලනය,ජලය සීමාවක් සහිතව  පානය කිරීමට සිදුවීම,රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය අඩුවීම,අස්ථි දුර්වල වීම වැනි තත්වයන්ද සාර්ථක වකුගඩු බද්ධ කිරීමකින් මගහැරීයනවා.

නමුත් බද්ධ කිරීමෙන් පසු ජීවිත කාලය පුරාම විශේෂිත ඖෂධ ලබාගැනීමට සිදුවීම හා ක්‍රමාණුකූලව වෛද්‍ය පරීක්ෂණ වලට යොමු වීමට සිදුවන බව ඔබ මතකතබාගත යුතුයි.

වෛද්‍යවරුන් විසින් ඔබගේ තත්වය සැලකිල්ලට ගිනිමින් වකුඩු බද්ධකිරීමට ඔබගේ සුදුසු බව හෝ නුසුදුසු බව තීරණය කිරීමෙන් පසු,ඔබ සුදුසුයැයි නිර්දේශවුවහොත් ඉන්පසු ගැලපෙන වකුගඩු දායකයෙකු සොයාගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරන්න පුළුවන්.

වකුගඩු බද්ධ කිරීමට ඔබ නුසුදුසු විය හැකි අවස්ථා මොනවාද?

  • වයස
  • පිළිකා තත්වයන්
  • දීර්ඝ කාලයක් තිස්සේ සුවනොවන විෂබීජ ආසාදන
  • බරපතල හදවත් රෝග හෝ රුධිර වාහිනී වල රෝගී තතවයන්
  • අක්මාව ආශ්‍රිත බරපතල රෝගී තත්වයන්

නවතම වෛද්‍යපරීක්ෂණ වලින් හෙලිවී ඇති ආකාරයට HIV වැලදී තිබීම වකුගඩු බද්ධ කිරීමකට නුසුදුසු වීමට හේතුවක් නොවේ. නමුත් HIV වැලදී ඇති රෝගීන් තවත් සැපිරිය යුතු වෛද්‍යවිද්‍යාත්මක අවශ්‍යතාවයන් පවතින අතර එම අවශ්‍යතාවයන් සපුරන්නේනම් වෛද්‍යවරුන් විසින් එවැනි රෝගීන් වකුගඩු බද්ධ කිරීමකට යොමුවීමට සුදුසු යැයි නිර්දේශ කරනු අැති. (මුලාශ්‍රය – http://emedicine.medscape.com)

About freddy

Check Also

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත …