වකුගඩු බද්ධ කිරීමකට සුදුසු දායකයෙකු සොයාගන්නේ කෙසේද?

වකුගඩු බද්ධ කිරීමකට සූදානම් වීමේදී ගැලපෙන දායකයෙකු සොයාගැනීම තමයි අපහසුම කාර්යය. ඒ සදහා වන පරීක්ෂණ ක්‍රියාවලි රාශියක් පවතිනවා.
මෙහිදී බරපතල රෝගී තත්වයක් නැති පුරුෂයෙකුගෙන් හෝ කාන්තාවකගෙන් රෝගියාට ගැලපෙන වකුගඩුවක් ලබාගැනීමට හැකියි.නමුත් ඒ සදහා වකුගඩු දායකයාගේ භාරකරුවන්ගේ අවසරය හා කැමැත්ත අනිවාර්යයෙන්ම ලබාගත යුතුයි.

වකුගඩු බද්ධ කිරීමක් කලයුතු බවට නිර්දේශ කලරෝගියා වකුගඩුවක් දන්දීමට පුද්ගලයෙකු ඉදිරිපත් වූ විට ඔහුගේ හෝ ඇයගේ පහත සදහන් පරීක්ෂන කිරීම ආරම්භ කරනවා.

  1. දායකයාගේ හා රෝගියාගේ රුධිර ඝණ ගැලපීම.
  2. ටිෂූ ටයිපින් (Tissue typing) පරීක්ෂණය ගැලපීම.
  3. Cross match පරික්ෂණය ගැලපීම.

ඉහත පරීක්ෂණ සිදුකිරීමෙන් පසු ඉදිරිපත්වූ දායකයා රෝගියාට වකුගඩුවක් ලබාදීමට ගැලපෙනවාද යන්න නැද්ද පිලිබදව නිගමනයකට එලඹීමට හැකියි.එම පරීක්ෂණ වල ප්‍රථිඵල අනුව එම දායකයා,ඔබගේ රෝගියාට වකුගඩුවක් ලබාදීමට සුදුුසුයැයි වෛද්‍යවරුන් විසින් නිර්දේශ කලහොත් තවදුරටත් දායකයාගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කර බැලීමට පහත සදහන් පරීක්ෂණ සිදුකෙරෙනවා.

ඔබ වෙනුවෙන් ඉදිරිපත් වූ දායකයාගේ වෛද්‍යවාර්ථා මගින් අනාගතයේදී ඔහුට හෝ ඇයට වකුගඩු රෝගී තත්වයක් වැලදීය හැකි බවට යම්කිසි ඉගියක් පලවන්නේ නම් එම දායකයාගෙන් රෝගියාට අවශය වකුගඩුව ලබාගැනිම වෛද්‍යවරුන් විසින් ප්‍රතික්ෂේප කරනු ඇති. උදාහරණ වශයෙන් අධික රුධිර පීඩනය හ‍ෙදියවැඩියාව ඇතිවීමට ඉඩ වැඩිවීම හෝ එම රෝග වල පවුල් ඉතිහාසයක් පැවතීම වැනි අවස්ථාවන් දක්වන්න පුළුවන්.

එම සියළුම සැකයන් දුරුකරගැන්මෙන් පසු ඉදිරියට සිදුකල යුතු පහත පරීක්ෂන සිදුකිරීම ආරම්භ කරනවා.

  • Blood Group
  • Fasting Blood Sugar (FBS) / OGTT / PPBS
  • ESR,CRP,Bu, clotting profile,LFT
  • FBC
  • Serum Creatinine
  • Blood Picture
  • Serum Electrolytes
  • Serum Ca 2+ සහ Serum PO4
  • Uric Acid
  • Lipid Profile
  • Serum Proteins
  • Sickling Test
  • Urine Full Report (UFR) / Urine Albumin
  • Urine For Micro Albumin
  • Urine Culture
  • 24 Hours Creatinine Clearance
  • 24 Hours Urinary Protein Excretion වැනි පරීක්ෂන සිදුකරනවා.
    ඊට අමතරවපහත සදහන් පරීක්ෂන සිදුකිරීමද වැදගත්.
  • එක්ස් කිරණ පරීක්ෂණ (පපු ප්‍රෙද්ශයේ, උදර ප්‍රෙද්ශයේ හා ශ්‍රෝණි ප්‍රෙද්ශයේ)
  • ඊ.සී.ජී පරීක්ෂණ
  • උදරයේ “අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් ” පරීක්ෂණය හා උදරයේ ප්‍රධාන රුධිර නාලවල (Iliac vessels) “ඩොප්ලර් ස්කෑන්” පරීක්ෂණය.
  • හෘදයේ “එකෝ ” පරීක්ෂණය.
  • වයස අවුරුදු 50ට වැඩිනම් Coronary angiogram/ Stress ECG.
  • විශබීජ රෝග සම්බන්දව කහ උණ, සයිටො මෙගලො වෛරස්, HIV, Hep B, Hep c, EBV සහ VDRL පරික්ෂණය.
  • වයස අවුරුදු 50ට වැඩිනම් PSA පරික්ෂණය. (පිරිමින් සදහා)
  • වයස අවුරුදු 40ට වැඩිනම් Mammogram පරීක්ෂණය, pap smear හා CA 125 (කාන්තාවන් සදහා)
  • දන්ත රෝග, ඇස් පෙනුම, ශ්‍රවණය, හා චර්ම රෝග පිළිබදව අදාල පරීක්ෂණ

සිදුකරන ලද සියළුම පරීක්ෂණ මගින් දායකයා සුදුසු බව කියැවෙන්නේ නම් එම දායකයාට වකුගඩුව දන්දීමට අවශ්‍ය වන නීතිමය අවශ්‍යතාවයන් සැපිරීම සදහා නීතිමය කමිටුවක් වෙත වකුගඩු දායකයා මෙන්ම රෝගියාද ඉදිරිපත් කිරීම සිදුකරනවා. (මෙම නීතිමට කමිටුව රජයේ රෝහල් වල ක්‍රියාත්මක වන නමුත් පෞද්ගලික රෝහල් වල මෙම ක්‍රියාවලිය සිදුවන්නේද නැද්ද යන්න පිලිබදව තොරතුරු අපට ලැබී නැත.)

එම නීතිමය කමිටුවේද අවසරය දායකයාට හිමිවූ විට වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරන දිනයකදී ශල්‍යකර්මය සිදුකල හැකියි.

About freddy

Check Also

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත …