වකුගඩු බද්ධ කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමේදී ප්‍රධානම කාර්යය වන්නේ වකගඩු බද්ධය සදහා ගැලපෙන දායකයෙකු සොයාගැනීමයි. එහිදී රෝගියාට ගැලපෙන දායකයෙකු සොයාගැනීම මදක් කල් ගතවන කාර්යයක් වියහැකියි. වකුගඩු දායකයා රෝගියාට ගැලපේද නැද්ද යන්න පිලිබදව දැනගැනීමට ප්‍රධාන පරීක්ෂණ තුනක් සිදුකරනවා. ඒවා පිලිවෙලින්
- දායකයාගේ හා රෝගියාගේ රුධිර ඝණ ගැලපීම.
- ටිෂූ ටයිපින් (Tissue typing) පරීක්ෂණය ගැලපීම.
- Cross match පරික්ෂණය ගැලපීම.
ඉහත පරීක්ෂණ වල ප්‍රථිඵල අනුව රෝගියා වෙනුවෙන් ඉදිරිපත්වූ දායකයාගේ වකුගඩුව රෝගියාට බද්ධ කිරී සදහා කොපමණ ගැලපේද යන්න පිලිබදව සොයාගැනීමට හැකි වනවා. ඒ අනුව ඒ දායකයාගේ වකුගඩු රෝගියාට බද්ධ කරනවාද නැද්ද යන්න පිලිබදව වෛද්‍යවරුන් විසින් තීරණය කරනු ඇති.
දායකයාගේ හා රෝගියාගේ රුධිර ඝණ ගැලපීම.
වකුගඩු දායකයා ගැලපීමේ ආරම්භක පියවර වශයෙන් රෝගියාගේ හා දායකයාගේ රුධිර ඝණ ගැලපීම සිදුකල යුතුයි. ඒ සදහා වන වාර්ථාව රෝහලේ වකගඩු බද්ධ කිරීමේ වෛද්‍යවරයා වෙත හෝ වකගඩු බද්ධ කිරීමේ සම්බන්ධීකරන නිලධාරියා වෙත ඉදිරිපත් කිරීම සිදුකල යුතුයි.
රෝගියාගේ රුධිර ඝණය අනුව ගැලපෙන දායකයාගේ රුධිර ඝණ පහත ලෙසය.
රෝගියා දායකයා
A+ A+, A- , O+,O-
A-
B+ B+, B- , O+ , O-
B-
AB+ AB+ , AB- ,A+,A-,B+,B-,O+,O-
AB-
O+ O+ , O-
O-
රෝගියාගේ හා දායකයාගේ රුධිර ඝණ ගැලපීමෙන් අනතුරුව පහත සදහන් පරීක්ෂන කිහිපයක් කිරීම මගින් දායකයාගේ සෞඛ්‍ය තත්වය පරික්ෂාකර බල ඉදිරිපරීක්ෂණ සදහා යොමු වීමට දායකයා සුදුසුදැයි පරික්ෂා කර බැලෙනවා.
- රුධිර පීඩන පරික්ෂාව
- මුත්‍රා මයික්‍රෝ ඇල්බියුමින් පරික්ෂාව.
- පැය 24ක මුත්‍රා පරික්ෂාව(Creatinine Clearence, Urinary Protein Excreation)
- Full Blood Count
- Fasting Blood Sugar
- HbAic%
- Urine Full Report
- Serm Creatine සහ Setum Electrolites මෙම පරීක්ෂණ වල ප්‍රථිඵල මගින් අනාගතයේදී දායකයාට වකුගඩු රෝගී තත්වයක් ඇති වීමට ඇති ඉඩකඩ පිලිබදවත් දැනගත හැකියි. උදාහරණයක් වශයෙන් දායකයාට දියවැඩියාව ඇත්ද?දියවැඩියා තත්වයත් ඇතිිවීමේ ඉඩකඩ පෙන්නුම් කරනවාද?අධික රුධිර පීඩනය පවතනවාද යන්න පිලිබදව දැනගත හැකියි.
මේ පරීක්ෂණ ප්‍රථිඵල වලත් ගැටළුවත් නැතිනම් අනෙකුත් ප්‍රධනම පරීක්ෂනය වන “පටක ගැලපීම (Tissue Typing)” පරීක්ෂණය වෙත් දායකයා හා රෝගියා යොමු කෙරෙනවා.
“පටක ගැලපීම (Tissue Typing)”
මෙම පරීක්ෂනය සිදුකරන්නේ කොළඹ,නාරාහේන්පිට ප්‍රධාන ලේ බැංකුවවේදීයි.එම ආයතනය වෙත රෝගියාව හා දායකයාය රෝහලෙන් ලබාදෙන ලිපියක්ද සහතිව යොමු කෙරෙනවා.
මෙහිදී පරික්ෂාවට ලක් කෙරෙන්නේ ලියුකොසයිට්නම් සුදු රුධිර සෛල ගැලපීමයි. එම සුදු රුධිර සෛලවල මතුපිට ඇති HLA (Human Leukocyte Antigen) නම් ප්‍රතිදේහ ජනකය වකුගඩු බද්ධ කිරීමක් සාර්ථක වීමට ප්‍රධාන වශයෙන් බලපාන බව සොයාගෙන තිබෙනවා. ඒ අනුව දායකයාගේ හා රෝගියාගේ මේ ප්‍රතිදේහ ජනක වල ගැලපීම වැඩිවන තරමට වකුගඩු බද්ධ කිරීම සාර්ථක වනු ඇති.
මෙම පරීක්ෂණය සිදුකල පසු එයින් ලැබෙන වාර්ථාව ඔබගේ රෝහලේ වකුගඩු බද්ධ කිරීම සම්බන්ද වෛද්‍යවරයාට හෝ සම්බන්ධිකරණ නිලධාරියාට ඉදිරිපත් කිරීම මගින් එම පරීක්ෂණය මත රෝගියා හා දායකයා ගැලපේද නැද්ද යන්න පිලිබදව සැකහැර දැනගත හැකියි.
ක්‍රොස් මැච් Cross Match පරීක්ෂණය
මෙහිදී රෝගියාගේ හා දායකායාගේ රුධිරය මිශ්‍ර කර පරික්ෂා කිරීම සිදුකරනවා.එහිදී සිදුවන්නේ රෝගියාගේ රුධීරයේ ප්‍රතිදේශ දායකායගේ රුධිරයේ ඇති සුදු රුධිර සෛල අතර (B cells,T cells ) යම්කිසි ප්‍රතික්‍රියාවක් සිදුවේද යන්න පිලිබදව පරික්ෂා කිරීමයි. මෙම පරීක්ෂණය දායකයා හා රෝගියා ගැලපීමේ පරීක්ෂණ ආරම්භ කරන කාලයේදී මෙන්ම ශල්‍යකර්මයට දින කිහිපයක පෙරත් සිදුකරනවා.
මෙහිදී දායකයගේ සුදු රුධිර සෛල හා රෝගියාගේ ප්‍රතිදේහ අතර යම් ප්‍රතික්‍රියාවත් එනම් Positive Cross Match ලෙස පරීක්ෂණයෙන් හෙලි වුවහොත් දායකයා හා රෝගියාගේ ගැලපීම සාර්ථක වන්නේ නැහැ. එම නිසා වෙනත් දායකයෙකු සෙවීම ආරම්භ කිරීමට ඒ අනුව සිදුවෙනවා. එලෙසම පරීක්ෂණයෙන් දායකයාගේ සුදු රුධිර සෛල හා රොගියාගේ ප්‍රතිදේහ අතර ප්‍රතික්‍රියාවත් නැතිනම් එනම් Negative Cross Match ලෙස වාර්ථාව ලැබුනොත් ඉදිරි පරීක්ෂන සිදුකර රොගියා හා දායකයා ගැලපීමේ කටයුුතු කල හැකියි
විශේෂයෙන්ම මුල් කාලයේදී සිදුකල පරීක්ෂණ වලින් දායකයාගේ සුදු රුධිර සෛල හා රොගියාගේ ප්‍රතිදේහ අතර ප්‍රතික්‍රියාවත් නැතිනම් එනම් Negative Cross Match ලෙස වාර්ථාව ලැබුනත්,ශල්‍යකර්මයට දින කිහිපයකට පෙර මේ පරීක්සනය නැවත සිදුකිරීමේදී එහි වාර්ථාව Positive වන අවස්ථාද පවතනවා. ඒලෙස වාර්ථාව Positive වුවහොත් යම්කිසි කාලයකට ශල්‍යකර්මය කල්දැමීමට ඔබට සිදුවෙනවා. නමුත් එය බිය විය යුතු අවස්ථාවක් නොවේ. එලෙසම වෙනත් දායකයෙකු සෙවීම ආරම්භ කලයුතුත් නැහැ. කාලයත් සමග නැවතත් එම පරීක්ෂණය Negative වීමේ හැකියාව පවතිනවා. එය Negativeවූ පසු ශල්‍යකර්මය සිදුකල හැකියි.