වකුගඩු ආශ්‍රීත රෝගයන් සම්බන්දයෙන් ක්‍රියාත්මක වන අප වෙබ් අඩවියේ ප්‍රධානතම අරමුණක් වන්නේ වකුගඩු දායකයන් වීමට කැමැත්තක් දක්වන පුද්ගලයන් වකුගඩු දායකයන් කරවීමට අවශ්‍ය කරන පෙලඹවීම ඇති කිරීමයි. ඒ අරමුණින් වකුගඩු දායකයන්ට අදාලවන ලිපිද විටින් විට අප ඉදිරිපත් කරන්නෙමු.
එලෙසම වකුගඩු අැතුළු අප ශරීරයේ ඉන්ද්‍රීයයන් වෙනත් පුද්ගලයෙකු වෙත දන්දීමට හැකියාව පවතින බව අප හොදින්ම දන්නා කරුණක්. විශේෂයෙන් යම්කිසි පුද්ගලයෙකු යම් හේතුවක්(අනතුරක් වැනි) මත මොලය මිය ගිය තත්වයකට මුහුණදුන් විට එම පුද්ගලයාගේ නිරෝගී ඉන්ද්‍රීයන් වෙනත් රෝගී පුද්ගලයෙකුට බද්ධ කිරීමෙන් එම පුද්ගලයාගේ ජීවිතය බේරා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ සදහා එම පුද්ගලයා කලින් කැමත්ත ප්‍රකාශ කිරීමක් හෝ පසුව ඒ සදහා නෑදෑයන්ගේ කැමැත්ත ලබාගැනීම අනිවාර්යය කරුණක් බවත් අප මතක තබාගත යුතුයි.
ඒ ආකාරයෙන්ම ජීවත්ව සිටින පුද්ගලයෙකුට තමන්ගේ ඉන්ද්‍රීයයන් දන්දීම මගින් මියයමින් සිටින තවත් පුද්ගලයෙකු ඩබේරා ගැනීමේ අවස්ථාවන් දෙකක් පවතිනවා. ඒ වකුගඩුවක් දන් දීම හා අක්මාවේ කොටසක් දන්දීම.(මා දැනුවත් ආකාරයට) .
කෙසේ හෝ තමන්ගේ ඉන්ද්‍රීයන් දන්දීමට පුදගලයන් ඉදිරිපත්වීම මගින් ජිවිතය යදිමින් මරණයට ලංවන පුදගලයන්ගේ ජීවිතය බේරා ගතහැකියි. පහතින් දැක්වෙන්නේ එසේ මිය ගිය තම දියණියගේ ඉන්ද්‍රීයන් වෙනත් පුද්ගලයන්ට දන්දීම මගින් එම පුද්ගලයන්ගේ ජීවිතය බේරාගත් පියෙකුගේ කථාවක්.
මියගිය සිය දියණියගේ හදවතේ කම්පනය අසා පියෙකු වැළපෙන සංවේදී අවස්ථාවක සේයා රූ ඇමෙරිකාව පුරා මේ දිනවල ව්‍යාප්තවෙමින් පවතී.
බිල් කොනර් නම්වූ එම පුද්ගලයා ඇමෙරිකාවේ විස්කොන්සින් හි සිට සිය දියණියගේ හදවතේ කම්පනය ඇසීමට ලුයිසියානා ප්‍රාන්තය වෙත සැතපුම් දහස් ගණනක් මග ගෙවූයේ පාපැදියෙනි.
ලූමන්ත් ජැක් නම් වූ පුද්ගලයාගේ පපුවට ස්ටේතස්කෝපය තබා සිය දියණියගේ හදවතේ ගැස්ම ඇසූ මොහොතේ බිල් කොනර්ට සිය කඳුළු සඟවාගත නොහැකි විය.
ඇබී කොනර් නම්වූ තරුණිය මිය යාමෙන් අනතුරුව ඇයගේ හදවත ලූමන්ත් ජැක් සතුවුයේ ඇය අවයව පරිත්‍යාගශීලියකු වූ බැවිනි.
හෘදයාබාධයකින් පෙළුණු ජැක්ට සිය ජීවිතයේ ඉතිරිව තිබුනේ තවත් දින කිහිපයක් පමණක් වුවත් ඇබීගේ පරිත්‍යාගශීලීත්වය ඔහුට ජීවිතය පිළිබඳ තවත් බලාපොරොත්තු එක් කළේය.
“මගේ දුව නිසා ඔහු ජීවත්වෙනවා කියන එක දැනගත්තහම මට දැනුන මගේ දුව ඔහු තුළ ජීවත්වෙනවා කියලා. ඔහු තුළ තිබෙන්නේ ඇයගේ හදවතයි.” බිල් කොනර් සීබීඑස් පුවත්වලට පැවසීය.
“මට ඔහු ගැනත් ඔහුගේ පවුල ගැනත් සතුටුයි. ඒ වගේම, මගේ දුව සමග එක්වන්නට ආයෙමත් මට අවස්ථාවක් ලැබුනා.” යැයි ද ඔහු කීය.
පසුගිය ජනවාරි මාසයේදී මෙක්සිකෝවේ කැන්කුන් සංචාරක නිකේතනයේ නිවාඩුවක් ගතකරමින් සිටි ඇබී සහ ඔහුගේ සොයුරා සිහිසුන් තත්ත්වයෙන් පිහිනුම් තටාකයක සිටියදී සොයා ගනු ලැබූහ.
පසුව ෆ්ලොරිඩා වෙත ගෙනෙන ලද ඇයව ජීව ආධාරක මත රඳවා තැබුණේ වෛද්‍යවරුන්ට ඇයගේ අවයව වෙනත් ඇයට බද්ධකිරීම සඳහා හැකියාව ලැබෙන තෙක්ය. එම සිද්ධියේදී ඇබීගේ සොයුරාගේ ජීවිතය ගැලවුණි.
බිල් කොනර් පවසන පරිදි ඇබී සිය අවයව පරිත්‍යාග කිරීමේ තීරණයට එළඹෙනවිට ඇයගේ වයස අවුරුදු 16කි.
ඔහු පෙන්වා දුන්නේ ඇය කවදත් මිතුරන් ඇතුළු උපකාර අවශ්‍ය ඕනෑම අයෙකු වෙනුවෙන් ඉදිරිපත්වූ බවය.
අවයව පරිත්‍යාගකිරීමේ වැදගත්කම පන්වාදීම සඳහා පාපැදි ධාවනයක් ඇරඹීමට තීරණය කළ ඇබීගේ පියාවන බිල් කොනර්ගේ අරමුණ වුයේ කිලෝමීටර 4,000ක ( සැතපුම් 2,600) මග ගෙවා දමමින්, සිය දියණියගේ සිරුර තබා තිබු ෆ්ලොරිඩා හි බ්රෝවෝර්ඩ් සෞඛ්‍ය වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ළඟා වීමය.
එහෙත් ගමනෙන් කිලෝමීටර 2,250ක් (සැතපුම් 1,400) පමණට ළඟාවද්දී ඔහුට දැනගැනීමට ලැබූනේ සිය දියණියගේ හදවත සමගින් ජීවත්වන ජැක්, පියවරුන්ගේ දිනයේදී හමුවීමේ අවස්ථාවක් ඇති බවකි.
ඇබීගේ අවයව ලැබූ සිව්දෙනෙකුට ලිපි යවා තිබූ ඇයගේ සිරුර භාරයේ තබා සිටි සායනය ඔවුන්ගෙන් ඉල්ලා තිබුනේ බිල් කොනර් හමුවෙන ලෙසය. ඇබීගේ හදවත ලැබීමට පෙර ඉතා වේගයෙන් සිය හදවතේ පැවැත්ම පිරිහීමට ලක්ව සිටි ජැක් ද ඔවුන් සිව් දෙනාට අයත්විණි.
“ඇය මට ජීවිතය දුන්නා. ඕන වුණත්, මට ඒ වෙනුවෙන් කළ හැකි දෙයක් නැහැ” යැයි කියා සිටි ජැක්, “කරන්නට පුළුවන් එකම දේ තමයි, ඇයගේ පවුලට මගේ ආදරය පිරිනැමීම” බව සඳහන් කළේය.
බීබීසී වෙත අදහස් දැක්වූ ලුයිසියානාහි අවයව ලබාගැනීමේ ආයතනයේ ප්‍රකාශිකා මේරි ක්ලෙමෙනොක් පැවසුවේ ඇබීගේ පියා සහ ජැක් හමුවූ අවස්ථාව අතිශයින්ම හැඟුම්බර වූ බවය.
“බිල්ට තමන්ගේ දුවගේ හදවතේ ගැස්ම අහන්නට ලැබුණා. ඔහු ඒ හඬ පටිගත කරගත් නිසා ඔහුගේ ජීවිත කාලය පුරාම එය ඔහු ළඟ තබාගන්නට හැකි වේවි. එය සැබවින්ම අපූරුයි” ඇය පැවසුවාය.
ඔබගේ ඉන්ද්‍රීයයන් දන්දීම නිසා ජීවත්වන පුද්ගලයෙකු දැකගැනීමට ඔබට කෙදිනක හෝ අවස්ථාවක් ලැබුණොත් එ් නිසා ඔබට දැනෙන ආත්ම තෘප්තිය කියා විස්තර කිරීමට වචන මදිවන බව නොඅනුමානයි.