මියගිය පුතුගේ හදවතේ ගැස්ම යලිත් වරක් ඇසීමට වරම් ලද මවක්..

මේ සිදුවීම අපට වාර්ථා වන්නේ ඇලස්කාවෙන්.ඇලස්කාවේ මනමාලියක් (බෙකී) ඇයගේ විවාහ දිනයේදී  ඇගේ මියගිය 19 හැවිරිදි පුතාගේ හදවත ගැසෙන හඩ යලිත් ඇසීමට වරම් ලබා ගන්නවා. ඇයට මේ පුදුම කිරීම ලෑස්ති කරන්නේ ඇයගේ මනමාලයා(කෙලී) විසින්. ඔවුන් විවාහ වන දිනයේදී ඇයගේ මියගිය පුතුනුවන්ගේ හදවත දරාගෙන ජීවත් වන ජේකොබ් ඇය ඉදිරියට පැමිණෙනවා. එ් අවස්ථාවේදීම ස්තෙතස්කෝප් එකක් මගින් තම පුතුගේ හදගැස්ම අසන්නටත් ජේකෝබ් ඇයට ආරාධනා කරනවා.

බෙකී විසින් ඒ හද ගැස්මට සවන් දෙන මොහොද ඉතාමත් සංවේදී අවස්ථාවක් වුණා.
කෙලී පවසන්නේ මේ පුදුම කිරීම බෙකී වෙත ලබාදීමට ඔහු මාස 5ක් පමණ සිටි ජේකොබ් සමග සැලසුම් කල බවයි. ජේකොබ් ඒ සදහා හොද සහයක් ලබාදුන් බවත් කෙලී පවසා තිබෙනවා.

ඔවුන් ඉග්ගා සිටින්නේ හැකි සෑම කෙනෙක්ටම අවයව දායකයෙකු වන්නට කියායි. එහ තවත් කෙනෙකුගේ ජීවිතය මෙන්ම තමන්ගේ ජීවිතයත් විශාල වෙනසකට ලක් කරන බව ඔවුන් කිය සිටිනවා.

_96908602_bb4bb987-452a-415c-bd48-0e7f4ef4a163

තම පුතුගේ ගැසෙන හදවත ජේකොබ්ගේ ශරීරය තුලින් අසන බෙකී.
තම පුතුගේ ගැසෙන හදවත ජේකොබ්ගේ ශරීරය තුලින් අසන බෙකී.
_96908603_40445a78-4526-4d3d-a62a-50e1258237d6
ජේකොබ් ,බෙකී හා කෙලී..

 

_96908601_ebc40b31-9cb2-490c-a8ac-ccd260b04c79

About freddy

Check Also

2024 ලෝක වකුගඩු දිනය : වකුගඩු දන්දීමේ වැදගත්කම

වකුගඩු වල ක්‍රියාකාරීත්වය අකර්මන්‍ය වීමත් සමඟ ඇති වන රෝගී තත්වයන් මේ වන විට ලොව පුරා …