Breaking News

අවයව බද්ධකිරීමකින් පසු ඔබගේ ප්‍රතිශක්තිය බිදහෙලන්නේ ඇයි??

ප්‍රතිශක්තිය අඩු කරන ඖෂධ කියන්නේ මොනවාද?
ඔබගේ ශරීරයට බද්ධ කරන අවයවයක් ශරීරයෙන් ප්‍රතික්ෂේප වීම වැලැක්වීම සදහා ලබාදෙන ඖෂධ මෙලෙස හදුන්වනවා.

ප්‍රතිශක්තිකරණය අඩුකරන ඖෂධවල කාර්යය මොකක්ද?
ඔබට අවයවයක් බද්ධ කල විට ඔබගේ ශරීරය දැනගන්නවා එය ඔබගේ ශරීරයේ කොටසක් නොවන බව. ඒ නිසා සාමාන්‍යයෙන් අපේ ශරීරයට විශබීජයක් ඇතුල් වුනාම ඒ විශබීජය විනාශකරන්න ශරීරය ක්‍රියාකරනවා වගේම මේ අලුත් අවයවය විනාශ කරන්නත් ශරීරය පටන්ගන්නවා.
ප්‍රතිශක්තිය අඩුකරන ඖෂධවලින් කරන්නේ එසේ කිරීමට අපගේ ශරීරයට ඇති හැකියාව අඩු කරන එක.ඒ නිසා මේ ඖෂධ දීමෙන්  බලාපොරොත්තු වෙන්නේ  ශරීරය මගින් බද්ධ කල අවයවය ප්‍රතික්ෂේප කිරීම පාලනය කිරීමයි.

maxresdefault

About freddy

Check Also

අවයව බද්ධ කිරීමට පෙරත් පසුත් දන්ත සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි?

අවයව බද්ධ කිරීමක් සිදුකරන්න අවශ්‍යයැයි වෛද්‍යවරුන් විසින් තීරණය කලායින් පස්සේ,එම ශල්‍යකර්මය සිදුකිරීමට අවශ්‍ය යෝග්‍ය තත්වයක …