වකුගඩු බද්ධයෙන් පසු ලබාදෙන ඖෂධ වල කාර්යය කුමක්ද?

වකුගඩු බද්ධ කිරීමකින් පස්සේ ඒ බද්ධ කල වකුගඩුව අප ශරීරයෙන් ප්‍රතික්ෂේප වීම වැලැක්වීම සදහා ප්‍රධාන වශයෙන් ඖෂධ ලබා දෙනවා. ඒ හේතුව මතලබාදෙන ඖෂධ සාමාන්‍යයෙන් හදුන්වන්නේ ප්‍රතිශක්තිකරණය අඩාල කරන ඖෂධ එහෙමත් නැතිනම් ප්‍රතික්ෂේප වීම වලක්වන ඖෂධ කියලයි.

ප්‍රතික්ෂේප වීම වලක්වන ඖෂධ වලට අමතරව ඔට ඇතිවන වෙනත් තත්වයන් වලට ගැලපෙන ඖෂධත් වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ඇති. උදා – අධි රුධිැ පීඩනය,දියවැඩියාව ,හිමොග්ලොබින් අඩු වීම වැනි තත්වයන්

AnabolicSteroids

ප්‍රතිශක්තිය අඩාල කරන ඖෂධ කියන්නේ මොනාද?
ප්‍රතිශක්තිය අඩාල කරන ඖෂධ ලෙස හදුන්වන්නේ අපගේ ශරීරයට බද්ධ කල ඕනෑඹ අවයවයක් ප්‍රතික්ෂේප වීම වැලැක්වීම සදහා ලබාදෙන ඖෂධ. එම ඖෂධ ප්‍රධාන ආකාර දෙකක් තිබෙනවා.

  1. ප්‍රේරණය කරන ඖෂධ (Induction drugs) – බද්ධ කිරීමේ අවස්ථාවකදී භාවිතා කළ හැකි බලවත් ප්‍රතික්ෂෙපවීම වලක්වන ඖෂධ
  2. පවත්වාගෙනයාමේ ඖෂධ (Maintenance drugs) – ප්‍රතික්ෂේපවීම වැලැක්වීම සදහා දීර්ඝකාලීනව ලබාදෙන ඖෂධ

බද්ධ කල වකුගඩුව ශරීරයෙන් ප්‍රතික්ෂේප වීම වැලැක්වීම සදහා දීර්ඝකාලයක් ලබාදෙන ඖෂධ (Maintenance drugs) ප්‍රධාන වර්ග 4ක් යටතේ දක්වන්න පුළුවන්.

  1. කැල්සිනෙවුරින් නිෂේධක (Calcineurin Inhibitors) – ටැක්රොලිමස් හා සයික්ලොස්පෝරින්
    කැල්සිනෙවුරින් කියන්නේ අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇති T සෛලවල ක්‍රියාකාරිත්වය උත්තේජනය කරන එන්සයිමයක්.
  2. Antiproliferative agents – මයිකොෆිනොලේට් මොෆිටිල්,මයිකොෆිනොලේට් සෝඩියම්,ඇසිතියෝප්‍රින්
  3. mTOR නිෂේධක – සිරොලිමස්
    සෛල වර්ධනය,සෛල ගුණනය,සෛල පැවැත්ම,ප්‍රෝටීන සංස්ලේෂනය,සෛල වල සචලතාවය,ස්වයංභක්ෂකතාවය හා පිටපත් කිරීම යන කාර්යන් සදහා වැදගත්වන ද්‍රව්‍යයකි.
  4. Steroids – ප්‍රෙඩ්නිසලෝන්

ප්‍රතිශක්තිකරණය අඩාල කරන ඖෂධ වකුගඩු බද්ධයෙන් පසු ලබාදෙන්නේ ඇයි?
වකුගඩුව බද්ධ කල විට අපගේ ශරීරය විසින් එම බද්ධ කල වකුගඩුව අපගේ ශරීරයට අයත් නොවන එසේත් නැතිනම් පිටතින් පැමිණි දෙයක් ලෙස හදුනාගන්නවා. එසේ හදුනාගැනීමෙන් පස්සේ ශරීරය විසින්ම නව වකුගඩුවට පහර දෙමින් එය විනාශ කිරීමට උත්සහ කරනවා. මේ සදහා හේතු වෙන්නේ අපගේ ශරීරයේ ඇති ප්‍රතිශක්තිකරණ පද්ධතිය.

ඒ නිසා ප්‍රතිශක්තිකරණය අඩාල කරන ඖෂධවලින් කරන්නේ අපගේ ප්‍රතිශක්තිරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය අඩු කරන එක. ඒ නිසා නව වකුගඩුව ශරීරය විසින් ප්‍රතික්ෂේප වීම නවතිනවා.

වකුගඩුවක් බද්ධ කරන සෑම කෙනෙක්ම ප්‍රතිශක්තිකරණය අඩාල කරන ඖෂධ ලබාගත යුතුද?
ඔව් සෑම කෙනෙකුමපාහේ  එම ඖෂධ ලබාගත යුතුයි. ඔබට ලබාදෙන වකුගඩුව ලබාදෙන්නේ ඔබගේම නිවුන් සහෝදරියෙක් හෝ සහෝදරියක්නම් ඇතැම් අවස්ථවන් වලදී ඖෂධලබානොගෙන සිටීමට අවස්ථාව හිමිවෙන්න පුළුවන්. නමුත් ඒ පිලිබදව තීරණය කරන්නේ ඔබගේ වෛද්‍යවරයා විසින්.

ඒ වගේම ඖෂධලබාගැනීම නිසිලෙස සිදුකිරීමත් වැදගත්.කුමන හෝ හේතුවක් මත එක් වේලක් හෝ ඖෂධයට ලබානොගෙන සිටීම ඔබගේ බද්ධ කල වකුගඩුව ප්‍රතික්ෂේප වීමට හේතුවක් වෙන්න පුළුවන්. දිනපතා දීර්ඝකාලයක් තිස්සේ ඖෂධ ලබා ගැනීමේදී ඖෂධ වේල් මගහැරෙන්න පුළුවන්. එය මගහරවා ගැනීමට

  • ඔබගේ ඖෂධ වෙනමම පෙට්ටියක දමා නිතර පෙනෙන ස්ථානයක තැබීම.
  • සතියකට අවශ්‍යවන ඖෂධ වෙනමම බහාලුමක දින අනුව හා වෙලාව අනුව වෙන්කර දැමීමෙන් ඖෂධ ලබාගැනීම මගහැරීම වලක්වාගන්න පුළුවන්.
  • ඖෂධ ලබාගන්නා වේලාවන් මතක්වීමට එලාම් තබාගැනී.
  • ඔබ සතුව පවතින ඖෂධ තොගයන් අවසන් වීමට පෙර නැවතත් ඖෂධ ගෙන්වා ගැනීමට කටයුතු කිරීම. වැනි දේවල් අනුගමනය කරන්න පුළුවන්.

ඖෂධ වේලක් මගහැරුණු විට සිදුකල යුත්තේ කුමක්ද?
එම ඖෂධය නියමිත වේලාවට පානය නොකල බව ඔබට විශ්වාස අවස්ථාවකදී එය ඔබට මතක්වූ අවස්ථාවේ ඖෂධය ලබාගත යුතුයි. ඖෂධය පානය කලේද නැද්ද යන්න සැක සහිත අවස්ථාවකදී නැවතත් ඖෂධය ගැනීමට යාමෙන් ඇතැම් විට ඔබ දෙවරක් ඖෂධය පානය කරනවා වියහැකි බැවින් එම වේල මගහැර ඊලග වේලේදී ඖෂධය ලබාගැනීමට සිහිතබා ගැනීම වැදගත්.

වකුගඩු බද්ධයෙන් පසු සැලකිලිමත් විය යුතු දේවල් මොනවාද?
ඔබ දිනපතා නොකඩවා ඖෂධලබා ගත්තත් වකුගඩුව ප්‍රතික්ෂේප වීමට යම් ඉඩකඩක් පවතිනවා. වෛද්‍යවරුන් නියම කරන ආකාරයට සායන වලට සහභාගී විය යුතුමයි.

  • උණ
  • මුත්‍රා කරන විට දැවිල්ලක් දැනීම.
  • සුව නොවන කැස්ස හා සෙම්ප්‍රතිශ්‍යාව
  • ඔබගේ ශල්‍ය තුවාලයෙන් ස්‍රාවයන් පිටවීම වැනි අවස්ථාවන් වලදී ඔබගේ වෛද්‍යවරයා හමුවීම වැදගත්. ඉන්පසු වෛද්‍යවරුන් විසින් අවශ්‍ය පරීක්ෂණ කිරීමෙන් පසු ඔබට අවශ්‍ය ප්‍රතිකාරයන් තීරණය කරාවි.

සාමාන්‍යයෙන් වකුගඩු බද්ධයෙන් පසු මාස 6කට පමණ වරක් ඔබ ලබාගන්නා ඖෂධවල මාත්‍රාවන් අඩු කිරීම සාමාන්‍යයෙන් සිදුවෙනවා. නමුත් එය සිදුකරන්නේ ඒ ඒ ඖෂධයට නියමිත රුධිර පරීක්ෂණයක ප්‍රථීඵල මත විශේෂඥ වෛද්‍යවරයාගේ අනුදැනුම මතයි. එසේ ඖෂධ මාත්‍රාව අඩුවන විට කාලයත් සමග ඔබට ඇති වන අතරු ආබාධ අඩු වීම සිදු වනවා.

 

 

මූලාශය – https://www.kidney.org

About freddy

Check Also

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත …