වකුගඩු බද්ධ කිරීම සාර්ථක ප්‍රතිකර්මයක් වුවද බද්ධ කිරීමෙන් පසු ඇතැම්විට විවිධාකාරයේ ගැටළු ඇතිවිය හැකියි. අප මින් පෙර සදහන්කල ආකාරයට වකුගඩුව බද්ධ කල පසු බද්ධ කරනලද වකුගඩුව අපගේ ශරීරය විසින් හදුනාගන්නේ පිටස්තරයෙන් අප ශරීරයට ඇතුළුවූවක් ලෙසටයි. එම නිසා අපගේ ශරීරය විසින් එම බද්ධ කල වකුගඩුව ප්‍රතික්ෂේප කිරීමට පෙලඹෙනවා.
මේ ආකාරයේ ප්‍රතික්ෂේප වීම් සාමාන්‍යයෙන් සිදුවන්නේ බද්ධකිරීම සිදුකර මුල් සති කිහිපයේදී වූළුත් අපගේ ජීවිත කාලයේ ඕනෑම අවස්ථාවක බද්ධ කල වකුගඩුව ප්‍රතික්ෂේප වීම සිදුවිය හැකියි.
වකුගඩු ප්‍රතික්ෂේප වීමේ ලක්ෂණ ලෙස රුධිර ක්රියටිනින් මට්ටම ඉහල යාම, පිටවන මුත්‍රා ප්‍රමාණය අඩුවීම, ශරීරය තුල දියර රැස්වීම,බර වැඩිවීම, රුධිර පීඩනය ඉහල යාම,වකුගඩුවට සැපයෙන රුධිර ප්‍රමාණය අඩුවීම වැනි දේ සිදුවිය හැකියි. නමුත් මෙම ප්‍රතික්ෂේප වීම් බොහෝ විට ඉක්මනින් හදුනාගතහොත් ඖෂධ මගින් නැවතත් යතා තත්වයට පත් කිරීමේ හැකියාව තිබෙනවා.
වකුගඩු ප්‍රතික්ෂේප වීමේ ආකාර කිහියකි
- අති උග්‍ර ප්‍රතික්ෂේප වීම ( Hyper Acute Rejection)
බද්ධ කිරීමෙන් පැය 24ක් ඇතුලත සිදුවන වකුගඩු ප්‍රතික්ෂේප වීම මේනමින් හදුන්වනවා. සාමාන්‍යයෙන් බද්ධ කිරීමෙන් විනාඩි කිහිපයකට පසු හෝ පැය කිහිපයකට පසු මේ ආකරයේ ප්‍රතික්ෂේප වීමක් සිදුවිය හැකියි. මෙය ප්‍රතිකාර කල නොහැකි තත්වයක්. ඔබගේ ශරීරයේ දායකයාගේ වකුගඩු වල ජාන සංයුතියට විරුද්ධව දැනටම සෑදී ඇති ප්‍රතිදේහ නිසා මෙම ප්‍රතික්ෂේප වීම හටගන්නවා.නැතහොත් රුධිර ඝන වල නොගැලපීම හා HLA නොගැලපීම මීට බලපෑ හැකියි.බද්ධ කිරීමට ප්‍රථම cross matching පරික්ෂාව සිදුකර එම ප්‍රතිදේහ නොමැති බව සහතික කර ගැනීමෙන් බොහෝ දුරට මෙය වළක්වා ගන්න පුළුවන්.මේ අවස්ථාවේදී බද්ධ කල වකුගඩුව හැකි ඉක්මනින් රෝගියාගේ ශරීරයෙන් ඉවත් කිරීම සිදුවෙනවා. - කෙටි කාලීන තීව්ර ප්‍රතික්ෂේප වීම. (Accelerated Acute Rejection)
බද්ධකිරීමෙන් පසු ගතවන පැය 24 – 72 අතර කාලය තුලදී සිදුවන ප්‍රතික්ෂේප වීම මේ නමින් හැදින්වෙනවා. ඔබගේ ශරීරයේ කලින් සෑදුන ප්‍රතිදේහ දායකයාගේ වකුගඩුවට එරෙහිව ක්‍රියාකිරීම මෙම ප්‍රතික්ෂේප වීමට හේතු වෙන්න පුළුවන්. මෙම තත්වය ප්‍රතිකාර මගින් සුවකල හැකි තත්වයක් වන අතර ඇතැම් විට කිහිපවරක් ඩයලයිසිස් ප්‍රතිකාරය සිදුකිරීමට සිදුවනු ඇති. - කෙටිකාලීන ප්‍රතික්ෂේප වීම (Acute Rejection)
වකුගඩුව බද්ධකල දින සිට වසර 3ක පමණ කාලය ඇතුලත සාමාන්‍යයෙන් මේ ආකාරයේ ප්‍රතික්ෂේප වීමක් සිදුවිය හැකියි.ඖෂධ නිසි පරිදි ලබා නොගැනීම,විශබීජ ආසාදන වැනි තත්වයන් මේ සදහා හේතු විය හැකි අතර ජීවිතයේ ඕනෑම අවස්ථාවක මේ ආකාරයේ ප්රතික්ෂේපවීමක් සිදුවිය හැකි බව මතකතබා ගතයුතුයි.
බොහෝ විට මොළය මැරුණ දායකයෙකුගේ වකුගඩුවක් බද්ධ කල අවස්තාවල මුල් අවස්තාවේම මෙම තත්වය දක්නට ලැබෙන අතර පසුව එය යතා තත්වයට පත් වෙනවා. - දීර්ඝකාලීන ප්‍රතික්ෂේප වීම (Chronic Rejection)
දීර්ඝ කාලයක් තිස්සේ විටින් විට සිදුවන ප්‍රතික්ෂේපවීම් මේ නමින් හදුන්වනවා. මෙය ප්‍රතිකාර කලහැකි තත්වයක් වූවත් ප්‍රතිකාර කිරීම අපහසු තත්වයක්. මෙහිදී ක්‍රම ක්‍රමයෙන් බද්ධ කලවකුගඩුවේ ක්‍රියාකාරීත්ය අඩුවුහොත් නැවතත් ඔබට ඩයලයිසිස් ප්රතිකර්මය වෙත යොමුවීමට සිදුවනවා. වෛද්යනිර්දේශය මත දෙවන බද්ධ කිරීමක් වෙත යොමුවීමට සිදුවෙන්නත් පුළුවන්.
වකුගඩු ප්‍රතික්ෂේප වීමක් සිදුවූ විට රෝගියා රෝහල් ගත කෙරෙන අතර ඒ සදහා හේතු සෙවීමට හා ඉදිරි ප්‍රතිකාර සැලසුම් කිරීම සදහා බද්ධ කල නව වකුගඩුවේ බයොප්සි පරික්ෂාවක් සිදු කරනු ලබනවා. එමගින් ලැබෙන ප්‍රථිඵල අනුව ප්‍රතිකාර කිරීම් ඇරඹෙනු ඇති.
වකුගඩු ක්‍රියා ආරම්භය පමා වීම.
බද්ධ කල වකුගඩුව ඇතැම් විට ඉක්මනින් ක්‍රියාකාරී නොවන අවස්තා තිබෙනවා.බොහෝවිට මෙයට හේතු වෙන්නේ Acute Tubular Necrosis (ATN) නැමැති තාවකාලික නැවතත් වන අතර එය යතා තත්වයට පත්වන තත්වයක්.නමුත් දින කිහිපයකින් ක්‍රියාකාරී වී යථාතත්වයට පත්විය හැකියි. ඒ වනතුරු කිහිපවරක් ඩයලයිසිස් ප්‍රතිකාරය සිදුකිරීමට ඔබට සිදුවනු ඇති.
ඔබ පානය කරන දියර ප්‍රමණයෙන් හා ඖෂධ මගින් මෙම තත්වය යථා තත්වයට පත්කල හැකියි.
මොලය මැරුණු දායකයෙකුගේ වකුගඩුව බද්ධ කල විට මෙම තත්වය බහුලව දක්නට ලැබෙනවා. එහිදී සති 1- 4ත් අතර කාලයක් තුල මෙය යතා තත්වයට පත් වෙනවා. මෙම කාලය තුල වකුගඩුවේ Doppler Scan පරික්ෂා හා අත්‍යාවශ්‍ය වුවහොත් Biopsy පරික්ෂාවද සිදුකර අවශ්‍ය ප්‍රතිකාර සිදුකෙරෙනු ඇති. එමනිසා මෙම තත්වයට ඔබ අනවශ්‍ය ලෙස බිය විය යුතු නැහැ.