ඔබට ලැබුණු ජීවිතයේ තෑග්ග තව කෙනෙකුටත් ලබාදෙන්න..

පදුවිය ප්‍රදේශයේ පදිංචි V.G.කරුණාවතී මහත්මිය. (උපුටාගැනීම - http://goviya.com/kidney.disease.htm)
පදුවිය ප්‍රදේශයේ පදිංචි V.G.කරුණාවතී මහත්මිය. (උපුටාගැනීම – http://goviya.com/kidney.disease.htm)

අවයව දානය කිරීම මගින් මියැදෙමින් සිටින පුද්ගලයන් ජීවිත් කරවිය හැකියි. සෑම වසරකම එම වාසනාව නැතිව විශාල ජීවිත ප්‍රමාණයක් අකාලයේ මරණයට පත්වන බව ලොවපුරා සිදුකර ඇති සමීක්ෂණ වාර්ථා වලින් හෙලිවී තිබෙනවා.ශ්‍රී ලංකාවේ පමණක් වකුගඩු රොගීන් 2000ක් පමණ වසරකට මියයන අතර,සිරෝසිස් රෝගී තත්වයන් වසරකට 1700ක් පණ මිය යනවා. නමුත් මේ සංඛ්‍යාවන්ට ඇතුලත් වන්නේ රජයේ රෝහල්තුල සිදුවන මරණ පමණයි. එසේ ගණනයට ලක්නොවූ මරණයන් පවා තිබිය හැකියි.කෙසේ හෝ වකුගඩු හා අක්මාව අකර්මන්‍ය වීම හේතුවෙන් වසරකට පුද්ගලයන් 4000ක් පමණ මියයනවා. එම මරණ වලින් බොහෝමයක් ඔවුනට ගැලපෙන වකුගඩුව හෝ අක්මා කොටස ලැබුණානම් වලක්වාගතහැකි මරණ වීම තමයි මේ වන විට ශ්‍රී ලංකාව තුල පවතින ඛේදනීය තත්වය.

පුද්ගලයෙකුගේ වකුගඩු,ඇස්,පෙනහළු,හදවත,අක්මාව,අග්න්‍යාශය,කනිනකාව,කුඩා බඩවැල,සමේ පටක,අස්ථි පටක,හදවතේ තපාට හා ශිරාවන් තවත් ඒවා අවශ්‍ය රෝගී පුද්ගලයෙකුට දන්දීම සිදුකල හැකියි. මින් ඇතැම් අවයවයන් නිරෝගී ජීවත්ව සිටින පුද්ගලයන්ගෙන් ලබාගෙන බද්ධ කල හැකි අතර ඇතැම් ඉන්ද්‍රීයන් පුද්ගලයෙකු හදිසියේ මිය ගිය විට ලබාගෙන වෙනත් රෝගී පුද්ගලයෙකුට බද්ධ කල හැකියි.

කෙසේ හෝ අවයව දානය කිරීම කියන්නේ මිල කල නොහැකි පුන්‍යකර්මයක් බව අප හැම හොදින්ම දන්නා කරුණක්. මේ වන විටත් කාරුණික හදවත් ඇති මිනිසුන්ගේ අවයව පිහිටෙන් නැවතත් ජීවත්වීමට වාසනවා ලැබූ පිරිස් අප හොදින් දන්නවා. ඔවුන් තමන්ගේ දායකයා පිලිබදව සිදුකරන වාරණවාවන් ඉතාමත් සංවේදීයි. යම්කිසි දිනක ඔබටත් අවයව දානය කිරීමේ අවස්ථාව හිමිවුවහොත් ඒ සදහා ඉදිරිපත් වන්න එමගින් ඔබට ලැබෙන ආත්ම තෘප්තිය වචන වලින් විස්තර කිරීමට ඔබට කිසිවිටක හැකි වන්නේ නැහැ.

 

 

About freddy

Check Also

2024 ලෝක වකුගඩු දිනය : වකුගඩු දන්දීමේ වැදගත්කම

වකුගඩු වල ක්‍රියාකාරීත්වය අකර්මන්‍ය වීමත් සමඟ ඇති වන රෝගී තත්වයන් මේ වන විට ලොව පුරා …