End Stage Renal Disease වලදී ඇතිවන රෝගලක්ෂණ …

End Stage Renal Disease එහෙමත් නැතිනම් ESRD ලෙස හදුන්වන්නේ වකුගඩු රෝගී තත්වයන් වල අවසන් අදිරයයි.මෙම තත්වයේ සිටින රෝගීන් අනිවාර්යයෙන් ඩයලයිසිස් ප්‍රතිකාරය හෝ වකුගඩු බද්ධ කිරීමක් සදහා යොමුවිය යුතුමයි. CKD හෙවත් Chronic Kidney Disease වලදී විවිධ අදියරයන් තියෙනවා. අපි මින් පෙර වෙනත් ලිපියක eGFR අගය මත එම තත්වයන් වර්ග කර දැක්වූවා. එම අදියරයන් වලදී රෝගීන්ට ඇතිවන රෝග ලක්ෂන විවිධ වෙන්න පුළුවන් වගේම රෝග ලක්ෂණවල තීව්‍රතාවය වෙනස් වෙන්නත් පුළුවන්.
අපි අද කථා කරන්න යන්නේ අවසන් අදිරයේ වකුගඩු රෝගී තත්වයකදී ඇති වන රෝග ලක්ෂන ගැනයි.

වකුගඩු රෝගී තත්වයේ අවසන් අදියරයට පිවිස රෝගියෙකුට දීර්ඝකාලීනව පවතින රෝගී ලක්ෂණ තත්වයන් එකක්ට වඩා පැවතීමේ අවස්ථාව වැඩියි. ඒ අතරින් තෙහෙට්ටුව,නිදිබරගතිය,වේදනාව,සම වියළීම,සම කැසීම, කෙණ්ඩ පෙරලීම වැනි තත්වයන් බහුලයි.ඉහත සදහන් කල කායික තත්වයන්ට අමතරව මානසීක රෝගී තත්වයනුත් මෙවැනි රෝගී තත්වයකදී ප්‍රථිඵල ලෙස ඇති වීමේ හැකියාව වැඩියි. ඒ අතරින් විශාදය ඉතාමත් සුලභව පවතින මානසීක රෝගී තත්වයක්. සාමාන්‍යයෙන් ඩයලයිසිස් ප්‍රතිකාරය ලබන රෝගීන්ගෙන් 20% ක් ඩයලයිසිස් ආරම්භ කල පළමු වසර තුල විශාදය නම් මානසික රෝගී තත්වයට ගොදුරු වන බව පරීක්ෂණ වලින් හෙලිවී තිබෙනවා.

index

මේ පිලිබදව සිදුකල පරීක්ෂණ වලින් හෙලිවූ කරුණ ඔබට වඩාත් පැහැදිලි වීම සදහා කරුණු වශයෙන් ඉදිරිපත් කිරීමට අප තීරණය කරා.

  • ESRD (End Stage Renal Disease)  රෝගියෙකුට විවිධ වර්ගයේ රෝග ලක්ෂන 6 සිට 20 දක්වා වන වෙනස්වන ප්‍රමාණයනගෙන් පැවතිය හැකියි.
  • වකුගඩු රෝගී තත්වයේ 5වන අදිරයේ සිටින රෝගියෙකුගේ රෝග ලක්ෂණ ප්‍රමාණය මෙන්ම ජීවිත ගුණාත්මකභාවය අඩුවීම පිළිකා තත්වයකින් පෙලෙන රෝගියෙකුගේ තත්වයට සමාන බවයි පරීක්ෂණ වලින් හෙලිවී තිබෙන්ෙන්.
  • රෝග ලක්ෂණ රටාව ඇතැම් සායනික තත්වයන් මතත් වෙනස් වෙන්න පුළුවන්.උදාහරණයක් වශයෙන් කාන්තාවන්,තරුණ පුද්ගලයන් හා දීර්ඝ කාලයක් තිස්සේ ඩයලයිසිස් ප්‍රතිකාරය ලබන පුද්ගලයන්ගේ රෝග ලක්ෂනවල තීව්‍රතාවය,ඇතිවන වාරගණන,හා එමගින් ඇතිවන මානසීක පීඩනය අනෙක් රෝගීන්ට වඩා වැඩියි.
  • ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගැනීමට පෙර අවසන් අදියරයේ රෝගියෙකු විසින් අත්විදින රෝග ලක්ෂණ වල අඩුවීමක් ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගැනීම ආරම්භ කල අත්දැකීමේ හැකියාව පවතිනවා.
  • ESRD තත්වයේ සිටින රෝගීන්ගේ රෝග ලක්ෂණ මතුවීම සිදුවන්නේ ලක්ෂන කිහිපයක් එකට එක්වයි.ඒ කියන්නේ රෝග ලක්ෂණ කිහිපයක් එකවර ඇති වෙන්න පුළුවන්. එමෙන්ම එම රෝග ලක්ෂණ අතර සම්බන්දතාවයක්ද පවතිනවා.
  • ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගන්නා රෝගීන්ගේ රෝග ලක්ෂන ප්‍රධාන වශයෙන් ශක්තිය හා ජීවගුණය සම්බන්ද තත්වයන්, හදවත සම්බන්ද තත්වයන්,වේදනාව සම්බන්ද තත්වයන් හා ආහාරජීරණ පද්ධතිය සම්බන්ද තත්වයන් ලෙස වර්ග කරන්න පුළුවන්.
  •  රුධිරයේ අතිරික්ත ප්‍රමාණයන්ගෙන් නයිටජනීය අපද්‍රව්‍යයක් වන යූරිය ඇති රෝගීන්ගේ හුස්ම ගැනීමේ අපහසුතාවයන්,කලාන්තය,ශරීරය දුර්වල වීම,ඔක්කාරය,කෑම අරුචිය,වමනය වැනි තත්වයන්  බහුලව අති විය හැකියි.
  • එලෙසම මුත්‍රා පිටවන ප්‍රමාණය අඩුවනවාත් සමගම විශාදය වැනි තත්වයන් ඇති වීමේ හැකියාව ඉහල යන බවත් රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය පහල හා ශරීරයේ සන්ධි ඉදිමීම වැනි ලක්ෂන අතිවන බව පරීක්ෂනවලින් හෙලිවී තිබෙනවා.
  • මෙම රෝගීන්ගේ පෝෂණ මට්ටම පහලයාම නිසා අස්ථි දුර්වල වීම සිදුවනවා.ඒ නිසා අස්ථි බිදීම් ඇති වීමේ හැකියාවත් ඉහල යනවා.

8-14060P10925209

ඒ නිසාම මෙම රෝගී තත්වයෙන් පෙලෙන රෝගීන් මෙන්ම ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ලගම හිතවතුන් පවා මේ රෝගී තත්වයන් හා ඒවායේ තීව්‍රතාවයන් ගැන අවධානයෙන් සිටිය යුතුයි. එවිට එම රෝගීන්ගේ හිසුව පිණිස කටයුතු කිරීමට හැකියාව ඔබට ලැබෙන බව විශ්වාසයි. ඒ ආකාරයෙන් ඔබගෙන් එම රෝගීන්ට ලැබෙන සහය නිසා තමන්ගේ ශාරීරික නේම මානසික අභයෝගයන්ටත් මුහුණ දීමේ හැකියාව රෝගියාට ලැබෙනු ඇති.

මූලාශ්‍රය – http://www.kidneynews.org

පරිවර්තන සටහන – මිතිලායා ගමගේ (www.kidneyinfolk.com)

About freddy

Check Also

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත …