Breaking News

වකුගඩු බද්ධයෙන් නැවතත් ජීවිතය ලද සුපිරි ගායිකාවගේ කථාව..

මේ ආකාරයෙන් වකුගඩු බද්ධ කිරීමක් මගින් නැවතත් තම සාමාන්‍ය ජීවිත රටාවට පිවිසෙමින් ජීවත්වීමට අවස්ථාව ලද ඇය නමින් සෙලීනා ගෝමස්. අපි බොහෝ දෙනෙක් ඇගේ නමින්ම ඇයව හදුනනවා. නමුත් අපි මේ වන තෙක් දැන සිටියේ නැහැ ඇය වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයකින් පසු සුවය ලබමින් සිටින බව. නමුත් තමන් වකුගඩු බද්ධ කිරීමකට ලක්වූ බවත් තමන්ට ඒ වකුගඩු බද්ධය සදහා අවශ්‍යකරන වකුගඩුව ලබාදුන්නේ ඇගේ ලගම හිතවතියක් වන Francia Raisa බවත් ඇය සමාජ මාධ්‍යවෙත පසුගියදා හෙලි කර තිබුණා.

සෙලීනා කාලයක පටන් ඇගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ තිබූ ගැටළුවක් හේතුවෙන් පීඩා විද තිබෙනවා. Lupus ලෙස හදුන්වන එම රෝගී තත්වයේදී තමන්ගේම සිරුරේ ඇති ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් තම ශරීරයේම ඇති ඉන්ද්‍රීයන් හා සෛල හදුනාගන්නේ ශරීරයට පැමිණි ආගන්තුකයන් ලෙසයි. ඒ හේතුවෙන් අප ශරීරය විසින්ම එ්වාට පහරදීමට පටන්ගන්නවා. එ් නිසා අපේ ශරීරයේ ඉන්ද්‍රීයන් හානි වීම සිදුවෙනවා.මේ තත්වය තමයි සෙලීනාටත් ඇතිවී තිබෙන්නේ. ඒ නිසා වකුගඩු බද්ධ කිරීමක් සදහා යොමුවමිට ඇයට සිදුවී තිබෙනවා.

මේ වන විට ඇය වකුඩු බද්ධයෙන් සම්පූර්ණයෙන් සුවය ලැබීමෙන් පසු නැවතත් තම සුපුරුදු ජීවන රටාවට පැමිණ ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරන්නේ.පහතින් දැක්වෙන්වෙන් ඇය විසින් හා ඇයගේ වකුගඩු දායිකාව වන ඇයගේ මිතුරිය විසින් පල කල ඡායාරූප කිහිපයක්.

_97802215_a55503e7-80cc-43f0-b1dd-983c11fd3283
සෙලීනා විසින් ඇයගේ ශල්‍යතුවාලය පෙනෙන ආකාරයට පලකර තිබු ඡායාරූපය

_97802367_f4b495e6-3b97-486b-be3b-702ec8aa6cee

Capture f

 

 

About freddy

Check Also

අවයව බද්ධ කිරීමට පෙරත් පසුත් දන්ත සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි?

අවයව බද්ධ කිරීමක් සිදුකරන්න අවශ්‍යයැයි වෛද්‍යවරුන් විසින් තීරණය කලායින් පස්සේ,එම ශල්‍යකර්මය සිදුකිරීමට අවශ්‍ය යෝග්‍ය තත්වයක …