ශ්‍රී ලංකාවේ දෙවන හදවත් බද්ධයත් සාර්ථකයි..

454970-donation1

දරුණු හදවත් රෝගයකින් පෙලුණු 19 හැවිරිදි සචිනි සෙව්වන්දිගේ ජීවිතය බේරා ගැනීමට මෙරට සිදුවූ දෙවන හදවත් බද්ධය සමත්වී තිබෙනවා.(මීට වසර 5කට පමණ පෙර සචිනිගේ වැඩිමහල් සහෝදරියක්ද මෙවැනි හදවත් රෝගී තත්වයකින් මියගොස් තිබෙනවා.)  පළමු හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය මෙන්ම මෙම දෙවන හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය් සාර්ථක සිදුකලේ මහනුවර රෝහලේ වෛද්‍යකණ්ඩායම විසිනුයි.

මෙම හදවත් බද්ධ කිරීම සදහා ගැලපෙන හදවත ලබාගෙන තිබුනේ රිය අනතුරක් නිසා දැඩි අසාධ්‍ය තත්වයේ සිටි මොළය මියගිය බවට සනාථ වූ තරුණයෙකුගෙනුයි. ඒ සදහා ඒ තරුණයාගේ දෙමව්පියන්ගේ කැමැත්ත හිමිවීමෙන් අනතුරුවයි මේ හදවත් බද්ධ කිරීමේ ශළ්‍යකර්මය සදහා අවශ්‍ය කරන හදවක ඔහුගෙන් ලබාගැනීමට වෛද්‍යවරුන් විසින් තීරණය කරනු ලැබුවේ.

හදවත බද්ධ කල සචිනි සෙව්වන්දි
හදවත බද්ධ කල සචිනි සෙව්වන්දි

 

 

About freddy

Check Also

2024 ලෝක වකුගඩු දිනය : වකුගඩු දන්දීමේ වැදගත්කම

වකුගඩු වල ක්‍රියාකාරීත්වය අකර්මන්‍ය වීමත් සමඟ ඇති වන රෝගී තත්වයන් මේ වන විට ලොව පුරා …